(අංජුල මහික වීරරත්න)
මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද(12) රාත්‍රී චීනය බලා පිටත්ව යාමට නියමිතය.
අග්‍රාමාත්‍යවරිය හෙට (12) සිට 15 දා තෙක් චීනයේ සංචාරයේ නිරත වනු ඇත.
එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය චීන රජය සහ බීජිං හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන "එක් අනාගතයක්: කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්" යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතය.
මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහත්වරුන් සමඟ අග්‍රාමාත්‍යවරිය ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගී වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිනිය ලෙස යන ගමන්වලදී නිසි ලෙස රටේ ගෞරවය රැකෙන විදිහේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන යන්න කියලා කවුරු හරි මෙතුමියට කියලා දෙනවද. එක පාරක් ජීන්ස් ඇඳන් බඩවටේ ඔතාගෙන තායිලන්තේ රාජ්‍ය වැඩකට ගියා. අපේ අය බොහොම සරල කියලා කිව්වට ඒ රටවල් කෙනෙක්ගේ ඇඳුම් පැළඳුම් දිහාත් බලනවා. චීනය විශේෂයෙන්ම එහෙමයි. ඕස්ට්‍රේලියාවේ පවා අගමැති සහ අනෙකුත් රාජ්‍ය කටයුතුවලට යන අය ඒ අවස්ථාවලදී නිසි අයුරින් රටේ ගෞරවය රකින්න අඳින්නේ. ඕස්ට්‍රේලියාවේ බොහෝ විශ්ව විද්‍යාලවල පශ්චාත් උපාධිවල කොටසක් ලෙස සංස්කෘතීන් සහ ඒවාට ගැලපෙන අයුරින් රැකියා කිරීම උගන්වනවා. අපේ අගමැතිනිය ඕස්ට්‍රේලියාව තුළ පශ්චාත් උපාධියක් කරපු කෙනෙක් හැටියට ඔය ටික නොදැන ඉන්න බෑ නමුත් නොදන්නා විදිහට තමයි ඒ තායිලන්ත ගමන ගියේ. බොරු සෝබන එපා නමුත් වැදගත් කාන්තාවක් ලෙස අපේ රටේ ගරුත්වය තහවුරු කිරීමට කැපවෙන්න.