
(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමගම හබරකඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ කරවල විකිණීමේ නිරත කුඩා ලොරි රථයකට කිසිවෙකු විසින් ගිනි තැබීමෙන් ලොරි රථය සම්පූර්ණයෙන් ම ගිනි ගෙන විනාශ වී ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි
ගිනි තැබීම අද (11) දින අළුයම් කාළයේදී සිදු කර ඇතැයි ද පොලිසිය පවසයි
ලොරි රථයේ හිමිකරු ඔහුගේ නිවස ඉදිරිපිට ලොරි රථය නවත්වා නින්දට ගිය පසු කිසිවෙකු විසින් ලොරි රථයට ගිනි තැබීම සිදුකර ඇති බවට සිදුකල මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇත
සිද්ධිය වූ ස්ථානයට පැමිණි හෝමගම පොලිස් කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සහ අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකය වැඩි දුරටත් පරීක්‍ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සතියේ වාර්තා වුනු දෙවැනි ගිනිතැබීම, වාහන 3ක් දැන් විනාශ වෙලා තියෙනවා. මිනිස්සු යක්කු වෙලා. දරුවන් දියේ ගිලී මියයනවා, අනතුරුවලින් එක පොදියට මිනිසුන් මැරී යනවා. මොකද එහෙම වෙන්න හේතුව? සාපයක් වැදිලද?
87-89 කාලය මතක් වුණා.
ලංකාවේ ඉන්නේ ජරා කුහක ඉරිසියාකාර මිනිස්සු...