
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු මැති ඇමැතිවරු සිව් දෙනකු නුවරඑළියෙන් වටිනා ඉඩම් හිතු හැටියට බෙදා ගෙන ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වඩිවෙල් සුරේෂ්, මහින්දානන්ද අලුත්ගමගේ, සතාසිවම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මෙසේ ඉඩම් වෙන්කරගෙන ඇති හිටපු මැති ඇමතිවරුන් බවද ඔහු ප්‍රකාශ කළේය.
අඹගමුව වේවැල් තලාව ප්‍රදේශයේ අක්කර පනහක් වඩිවෙල් සුරේෂ් අත්පත් කරගෙන ඇති බවත් ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතාද තවත් අක්කර පනහක් වෙන්කරගෙන ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවානේ ජනතාවට සේවය කරන්න කියලා ගිහිල්ලා කරලා තියෙන අසිකික්ත වැඩ..., ඔය ඉඩම් වහාම රජයට පවරා ගතයුතුයි.
මේ ආණ්ඩුවේත් ලොකුම ඇමතියෙක් කාටද අක්කර 600ක් දුන්නාලු.
මාලිමා ආණ්ඩුවක් ආපු නිසා ලංකාව බේරුණා. ජොලි සීයා ආවා නම් මේ ටික රටම වීකුණනවා. හොර හැත්ත. ඊළඟ පාර බලයට එනවාලු...