IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හෙට ඇරැඹෙන පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන්නෙ මෙහෙමයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව හෙට(7) සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඔක්තෝබර් 7 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 11.30 - ප.ව 5.00 කාලය ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගැනීමට නියමිතයි. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

ඔක්තෝබර් 8 වැනි බදාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.පෙ.ව 10.00 - පෙ.ව 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. පෙ.ව 10.30 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පෙ.ව 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 11.30 - ප.ව 5.00 කාලය ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපුරක ඇස්තමේන්තුව විවාදයටගෙන සම්මත කරගැනීමට නියමිතයි. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

ඔක්තෝබර් 9 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පෙ.ව 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව 11.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

ඔක්තෝබර් 10 වැනි සිකුරාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පෙ.ව 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 11.30 - ප.ව 5.00 කාලය පහත දැක්වෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනා 08ක විවාදයට ගැනීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම

පෞද්ගලික මන්ත්‍රී යෝජනා මාතෘකාව

හේෂා විතානගේ මහතා

රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම

චමින්ද විජේසිරි මහතා

ලංකා ගමනාගමන මණ්ඩලය ශක්තිමත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම

රවී කරුණානායක මහතා

වාර්ගිකත්වය සහ ආගමික පදනම අනුව දේශපාලන පක්ෂ නම් කිරීම තහනම් කිරීම

ලාල් ප්‍රේමනාත් මහතා

බිම් මට්ටමේ පවතින සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය

වළක්වා ගැනීමට කටයුතු කිරීම

ටී. කේ ජයසුන්දර මහතා

පිටිගල, උඩුගම, නෙලුව සහ දෙණියාය නගර අයත් පරිසර පද්ධතිය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම

රුවන් මාපලගම මහතා

පාසල් විෂය මාලාවට නීතිය සහ ආචාර ධර්ම ඇතුළත් කිරීම

(වෛද්‍ය) කාවින්ද හේෂාන් ජයවර්ධන

ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරික්ෂණාගාරය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම

රෝහණ බණ්ඩාර මහතා

ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවට (COPA) සම්බන්ධිත ස්ථාවර නියෝග සංශෝධනයට අදාළව ඉදිරිපත්කර ඇති යෝජනා 2ක් පාර්ලිමේන්තුවේ අනුමතිය ලබාගෙන ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවට යොමුකිරීම පිණිස 2025.09.26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කාරක සභාව තීරණය කරන ලදී.

 



අදහස් (1)

හෙට ඇරැඹෙන පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන්නෙ මෙහෙමයි

Charaka Monday, 06 October 2025 11:23 PM

මේක හොඳ උත්සාහයක්. ජනතාවට පාර්ලිමේන්තු කටයුතු ගැන දැනුවත් වීම ඉතා වැදගත්. මේ වගේ වැඩ හරහා අපි සමාජ මාධ්‍යවලත්, රූපවාහිනී පුවත්වලත් ඇති voice cut කෙරෙහි පමණක් සීමා නොවී, පාර්ලිමේන්තුවේ සිදුවෙන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන්. එතකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන්, ආණ්ඩුවටත් විපක්ෂයටත් රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් බව. ඒ වගේම, ජනතාවත් මන්ත්‍රීවරුන්ට හොඳ අදහස් සහ යෝජනා දීමට උනන්දු වේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site