IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


සෙවනගල උක් ගොවීන්ගේ තිත්ත කතාව

(රෝහණ සමරවීර)

සෙවනගල ලංකා සීනි සමාගමේ කර්මාන්ත ශාලාවට උක් අස්වැන්න මිලදී නොගැනීමෙන් උක් ගොවිතැනේ නියැලෙන ගොවි පවුල් 4000 සාමාජිකකයන් 10,000 අධික ප්‍රමාණයක් දැඩි දැඩි අසීරුතාවයට පත්වී සිටින බව උක් ගොවීහු පවසති.

පාලනධිකාරියට සිදුකළ විරෝධතා හමුවේ උක් අස්වැන්න සියයක පහක වැනි සුළු ප්‍රමාණයක් මේ වනවිට කඑර්මාන්ත ශාලාවට මිලදී ගැනීමට පියවර ගත්තත් මේ වනවිට ගොවි බිම්වල උක් අස්වැන්න ටොන් හයදහසක් පමණ  කපා දමා ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

තවත් ටොන් පන්දහසක ප්‍රමාණයක් ටැක්ටර් රථ වල පටවා තැනැ තැන ගාල් කර ඇතැයිද එම උක් ගස් දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වියළී යම්න් බර ප්‍රමාණය දිනෙන් දින අඩුවෙමින් පවතින බවද ඔවුහු සදහන් කරති.

එහි පාඩුවද තමන්ට දරා ගැනීමට සිදුවී ඇති බවත් නමුත් උක් ගස් කෑපීමට හා පැටවීමටත් එම කාර්යයන් වල නියලෙන්නන්ට මුදල් ගෙවීමට සිදුවීමෙන් තමන්ට සිදුවන පාඩුවෙහි වැඩිවීමක් සිදුවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

දශක ගණනාවක සිට සෙවනගල ජනතාවට වසන්තයක් වෙමින් රජයේ භාණ්ඩාගාරයට මිලියන ගණනින් මුදල් ලබාදුන් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව මේ වනවිට වැසී යාමේ අවධානමක් මතුවී ඇතැයි සෙවනගල උක් ගොවීහු අදෝනා නගති.

එම කර්මාන්ත ශාලාවේ අක්‍රමවත් පරිපාලනය හා කළමනාකරණ දුර්වලතා හේතුවෙන් එම ඛේදනීය තත්ත්වයට මුහුණ දීමට තමන් ඇතුළු එහි විවිධ කාර්යයන් වල නියලෙමින් සිටින පාර්ශව කරුවන්ට සිදුවී ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආශ්‍රිතව පිහිටා ඇති  ගම්මාන තුළ හාර දහසකට අධික පවුල් සංඛ්‍යාවක් අක්කර 25,000පමණ ප්‍රමාණයක උක් වගාවේ නියලෙමින් ඔවුහු සිය ජීවනෝපා සවි කර ගනිති.

මෙතෙක් එම ගොවි ජනතාව උක් අස්වනු සෙවනගල සීනිකර්මාන්ත ශාලාව වෙත අලෙවි කරනු ලබන අතර එමගින් ගොවි පවුල් පමණක් නොව උක් ප්‍රවාහකයින්.උක් වගා නෙලන්නන් පමණක් නොව ප්‍රදේශයේ විවිධ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස් උක් වගාවේ අතුරු ඵල නෙලා ගන්නෝ වෙති.

ඒම සියළු පාර්ශව කරුවන් දැඩි පීඩයක් වී ඇති එම ගැටලුව සම්බන්ධව අදහස් දක්වන උක් ගොවි නායකයින් පවසන්නේතමන්ට දශක ගණනාවක සිට සෙවනගල සීනි සමාගම විසින් ලබාදුන් සියළු වරප්‍රසාද සහ ප්‍රදේශයේ යටිතල පහසුකම් හා ප්‍රජාසත්කාරක සේවාවන් කප්පාදුකර ඇතැයි පවසති.

තමන්ගේ මරණාධාර දීමනාව. ගොවි ප්‍රසාද දීමනා. යටිතල පහසුකම් හා පොදු කටයුතු සදහා ලබාදුන් සේවාවන්. පොහොර හා කෘෂි රසායන වර්ග නිසි වෙලාවට තමන්ට නොලැබීම මෙන්ම අන්තිකාරම් මුදල් හා අවසාන ගෙවීම් නිසි දිනට නොලැබීම හේතුවෙන් එදිනෙදා ජීවිතය ගෙනයාමට පවා තමන්ට අසීරැවීඇතැයි ඔවුහු පෙන්වා දෙති.

තමන්ට සිදුවී ඇති මෙම අසාධාරණ කම් සෙවනගල සිනි ආයතනයේ පලනාධාකාරියද දන්වන සෑමඅවස්ථාවකම තමන්ට දන්වා සිටියේ ආයතනය තුළ මුදල් හිගයක් පවතින බවත් බැංකුවකින් ණයක් අනුමත කර ගැනීමෙන් පසුව එම දීමනා හා අනිකුත් දෑ ලබාදීමට හැකියාවක් ඇති බවකැයි ඔවුහු පෙන්වා දෙති.

සිනි හා එතනෝල් යන නිෂ්පාදනයක් වර්තමානයේ අළෙවිකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රශ්නයක දෙගුණ වී ඇතැයි ඒ සදහා නිසි වෙළද පොලක් සකසා ගැනීමට පාලන අධිකාරිය අපොහොසත් වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වැසීයාමේ අවධානමක් ඇතැයි කියන පුවත සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මාධ්‍ය ලේකම්වරයා වන කසුන් ගමගේ මහතා විසින් පසුගිය 29 දාතමින් යුතු ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එය හිතළුවක් පමණක් බවකි.

මෙ ලිපියේ මෙසේ ද සටන් කර ඇත. එම පුවත අප අමාත්‍යාංයට තරයේ ප්‍රතික්ෂේප කරනවා. ලංකා සිනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡාකර නොමැති බවකි. එම පුවත තුළ අඩංගු උක් අස්වැන්න මිලදී නොගන්නා ලෙස පලවෙන කරුණුද සාවද්‍ය වන අතර දැනැට ගොවීන් විසින් ලබාදෙන අස්වැන්න කර්මාන්ත ශාලාව මිලදී ගනීමට කටයුතු කරන බවකි.

එය එසේ වුවද උක් ගොවි බිම්වල කපා දමා ගිනියම් අව්වේ වේලෙන උක් ගස් ගොඩවල් අපට දැකගත හැකි විය.

 



අදහස් (1)

සෙවනගල උක් ගොවීන්ගේ තිත්ත කතාව

de silva berlin Saturday, 31 May 2025 12:21 PM

රජයට වියාපාර කරන්න බැහැ කියන එක ලෝකේ පිළිගත්තු ආර්ථික විද්‍යා න්‍යායක්, මෙම ආයතනය වසර 5 ක කාලයක් සඳහා ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවලා පුද්ගලික අංශයට බදු දුන්නා නම්, රජයට ආදායමක් ලැබෙනවා. උක්ගොවියාගේ නිෂ්පාදනයට යම්කිසි මිලක් ලැබෙනවා. රටට අවශ්‍ය සීනිවලින් යම්කිසි කොටසක් රට තුළම නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. කම්කරුවන්ට රැකියා අවස්ථා උදා වෙනවා. දැන් සිද්ධවෙලා තිබෙන්නේ අර කලින් සඳහන් කළ ප්‍රතිලාභ මුකුත් නැතිව අර ශ්‍රීලන්කන් ගුවන් සේවය වගේ අපේ බදු මුදලින් මෙම ආයතනයේත් පාඩු පියවන්න.

:       27       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 296 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site