(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)


අතුරු ප්‍රශ්න ඇසීමට  කාලය ඉල්ලා දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන්  කතානායක වෛද්‍ය ජගත්  වික්‍රමරත්න මහතා සුජීව සේනසිංහ සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන්ට  පාර්ලිමේන්තුවේදී අද (21)   අවවාද කළේය.

මෙහිදී සුජීව සේනසිංහ   මන්ත්‍රීවරයා දෙස හැරුණු කතානායකවරයා “මේ සභාව පවත්වාගෙන යන්නේ මම මිසක් ඔබතුමා නොවෙයි සුජීව මන්ත්‍රීතුමා”  යනුවෙන් පැවසීය.

මේ වාදය හේතුවෙන් සභාවේ අද(21)  පෙරැවරැවෙ     උණුසුම් තත්වයක්ද  ඇතිවිය

චමින්ද විජේසිරි මහතා:

පිළිතුරෙන් නැගෙන කාරණයක් ගැන අහන්න  ප්‍රශ්නය අසන මන්ත්‍රීවරයාට අයිතියක් තියෙනවා. ඔබතුමාල විපක්ෂ ඉද්දි මේවා  කළා.

කතානායක:

ඔබතුමා තනිකරම නොමග යැවීමක් කරන්නේ.ගෙදර ගිහිල්ලා ඉස්සෙල්ලම ස්ථාවර නියෝග  කියවන්න. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.