IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


සිල්ලර දේවල් වලට කමිටු එපා

 

 

 

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සිල්ලර  දේවල් වලට කමිටු පත් නොකරන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයාන්ත කරුණාතිලක  මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

ජයසේකර මහතාට එරෙහිව පත් කෙරුණු කමිටුවෙන්  ගයන්ත කරුණාතිලක  මහතා ඉල්ලා අස්වී ඇති බවට කතානායකවරයා නිවේදනය කිරීමෙන් අනතුරුව ඔහු එම ඉල්ලීම කළේය.

මෙහිදී අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක  මහතා මෙසේ පැවසීය.

දයාසිරි ජයසේකර මහතාට එරෙහි කමිටුවට ඔබතුමා මාව පත් කළා. ඒ පෙත්සම  ගැන විභාග කරන්න. මේක නරක පූර්වාදර්ශයක් වේවි. ඔන්චිල්ලාව  ඒ පැත්තට ගියොත් මේ පැත්තටත් ඒවි. ඒ නිසා මේ වගේ සිල්ලර දේවල් වලට කමිටු පත් කරන්න එපා කියලා මම කිව්වා.

මම ඒ කමිටුවෙන් ඉල්ලා අස්වුණා. මීට ඉස්සෙල්ලා මනූෂ නානායක්කාරට  එරෙහිව  ඔය වගේ කමිටුවක්  පත් කෙරුණා.  අපි ඒ කමිටුවට  ගාල්ලේ ඉඳලා එනවා. කමිටුවට වෙච්ච දෙයක් නෑ. ඩයනා ගමගේ ඇමතිතුමියගෙ ක්‍රියා කලාපය සෙවීමට  පත් කෙරුණු කමිටුවට දෙපැත්තෙම  පැමිණිලි විභාග කරන්න අවසර දුන්නා.

එතකොට විපක්ෂයේ මන්ත්‍රීවරුත් ආණ්ඩුවේ එක්තරා මන්ත්‍රීවරයෙකුට විරුද්ධව පෙත්සමක් දීලා තියෙනවා. එතකොට ඒ සිද්ධිය විමර්ශන කරන්නෙත් මේ කමිටුවෙන්ද. වෙනත් කමිටුවක් දානවාද. මේ වගේ දේවල් අද ඊයේ දේවල් නොවෙයි. සිල්ලර  දේවල්. මේ අධිකරණ ඇමතිතුමාගේ ලොකු තාත්තාගෙන් ඇහුවනම් කියාවි.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා

කමිටුව පත් කළේ කටඋත්තරවල තියෙන බරපතළකම නිසයි.


 



අදහස් (2)

සිල්ලර දේවල් වලට කමිටු එපා

දේශපාලන පරම්පරා මුග්ධයන් Friday, 06 June 2025 12:03 PM

කරුණාතිලකගේ වචනවල තේරුම තමයි, අපිට ඕන දෙයක් කියලා කරලා ඉන්න දෙන්න, ඒ ගැන හොයන එක තමයි ප්‍රශ්නේ...

:       5       10

මලෙිමාගැත්තා Friday, 06 June 2025 12:38 PM

මට නම් ආමවාතයක් ගියත් කමිටුවක් අවශ්‍යයි. මොකද ලක්ෂ ගාණක් වියදම් කර රිලව් ගැන්නා මෙන්ම, කෝටි ගාණක් වියදම් කර අර කුළියට ගෙනාපු ගුවන් යානය අහසපුරා කැරකුවා මෙන් පොඩි ෂෝ එකක් දැමීමට වෙනත් අවස්ථාවක් නැති බැවිනි. කොටි ටික ගොඩ දමා පක්ෂෙට පුළුවන් තරම් සල්ලි එකතුකර රටට ගියා නම් මට ඇතිය. රට, දැය, සමය බල්ලට ගියාවේ.

:       13       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 297 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 300 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 460 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site