සිංහල සිනමාවේ රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම සිය දිවි ගමන නිමා කළාය. මිය යනවිට ඇය 78 වැනි වියෙහි පසුවූවාය.
කලක් තිස්සේ දැඩි රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අදඅලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු සනාථ කළහ.
කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් 1947 අප්‍රේල් මස 30 වැනි දා උපත ලැබූවාය.
වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට 1968 වසරේදී පිවියාය.
නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ.
2010 වසරේදී මහින්ද රාජපක්ෂ රජයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයට ද පිවිසි ඇය 2015 වසර වන තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළාය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සිංහල සිනමාවේ නිළි රැජින දිවිසැරිය නිමවයි