( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම බද්දේගොඩ ප්‍රදේශයේදී ගංජා ජාවාරම් කරුවෙකු පොලිස් නිලධාරියෙකු සපා කා පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි .
තුවාල ලද කොස්තාපල්වරයා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙෙඋපදෙස්මත විශේෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් සංචාරයේ යෙදී සිටියදී ගැලණිගම හන්දිය අසල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ වෙනත් පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක අංකයක් සටහන්ව තිබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගංජා මිලදී ගත් ජාවාරම්කරුගේ දුරකථන අංකය බවට අනාවරණය වීමෙන් අනතුරුව තවත් ගංජා ඉල්ලා ඔහු වෙත ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව බද්දේගොඩ ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත
ඒ අනුව බද්දේගොඩ ප්‍රදේශයේ රැඳී සිටි සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී එකවරම පොලිස් නිලධාරින් දෙදෙනාට පහරදී ඇති අතර අනතුරුව සැකකරු අත් අඩංගුවට ගැනීමට යාමේදී නිලධාරීන් සමග පොර බදා කෑ ගැසීමේදී එම ස්ථානයට කාන්තාවන් තිදෙනෙකු හා පුද්ගලයන් කීප දෙනෙකු පැමිණ සැකකරුට සහාය දැක්වීමත් සමගම සැකකරු පොලිස් කොස්තාපල්වරයා සපා කා පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සැකකරු පොලිස් නිලධාරියා සපා පැන ගිහින්