(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කන්ටේනර් 323 ක් නිදහස් කර ඇතැයි කියන ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව ලබන සතියේදී නිකුත් කිරීමට නියමිත බව මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය මහලේකම් ඒකේ සෙනෙවිරත්න මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළේය.
ඒ කමිටුවේ වාර්තාව මේ දිනවල සකස් කරගෙන යන බවද ඔහු කීය.
මේ අතර වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් කෝටි 45000 ආදායම මේ වසර අවසානයේදී ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළහ.
මේ වසරේ පළමු මාස පහේදී වාහන ආනයනයෙන් රුපියල් රුපියල් කෝටි 13600 ක ආදායමක් උපයාගෙන ඇති බවද ඔවුහු ප්‍රකාශ කළහ.
වාහන ආනයනයට ණය වර ලිපි 596ක් විවෘත වී ඇති බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා පැවසීය.
ඒ සමග කෝටි 30000ක ආදායමක් එන බවද ඔහු කීවේය.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සැක කන්ටේනර් 323 සිද්ධියේ වාර්තාව ලබන සතියේ