(ටී.කේ.ජී.කපිල )
26 වැනි "එක්ස්පෝ කලිනරි" (Expo Culinaire ) ජාත්‍යන්තර සූපවේදී තරගාවලියට ශ්‍රී ලංකාව් නියෝජනය කරමින් සහභාගී වූ , සූපවේදිනියන් තිදෙනෙකු රන් පදක්කම් 04 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද(29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මෙම තරගාවලිය එක්සත් එමීර් රාජ්‍යයේ , සජා නුවර ලෝකයේ රටවල් 20 ක තරගකරුවන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 05/21 දින සිට 05/23 දින දක්වා පවත්වා තිබුණි .
එහිදී කස්තුරි රාමේෂ්වරන් සූපවේදිනිය රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 දිනා ගැනීමට සමත් වී සිටියාය . යාපනය ප්‍රදේශයේ පදිංචි ඇය එම ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා හදාරන ආයතනයක් පවත්වා ගෙන යන්නියකි .
එමෙන්ම මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන එෆ්.නිලූෆා රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මෙම තරගාවලියේ දී දිනා ගැනීමට සමත් වී සිටියාය . ඇය ද මීගමුව ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා හදාරන ආයතනයක් පවත්වා ගෙන යමින් සිටින්නියකි .
එසේම එම්.ආර්.එෆ්.ෆස්ලියා මෙම තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් වී සිටියාය . ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර , ඇය ද එම ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා හදාරන ආයතනයක් පවත්වා ගෙන යමින් සිටින්නියකි .
මොවුන් තිදෙනාම පළමු වරට මෙවැනි ජාත්‍යන්තර තරගවලියකට ඉදිරිපත් වී , එහිදී මෙවන් ජයග්‍රහණයන් ලබා ගැනීම විශේෂත්වයකි .
මොවුන් තිදෙනා අද29 දින අලුයම 04.30 ට සජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී 9 - 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් පිළිගැනීම සදහා ඔවුන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
සාජා ජාත්‍යන්තර සූපවේදී තරගාවලියේදී ජයග්‍රහණ තුනක්