ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය ගණිත හා විද්‍යා අංශයේ පන්ති මෙම වසරේ සිට නවතා දැමීමට තීරණය කැර අතැයි මව්පියෝ කියති.
විදුහල්පතිනිය පවසන්නේ උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට ඉල්ලුම්කැර ඇති ශිෂ්‍යාවන් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් අමතර සිංහල මාධ්‍ය පන්තියක් ද ආරම්භ කිරීමට සිදුවූ බවයි. එම පන්තියේ සිටින ළමයින් සංඛ්‍යාව 35ක් බවත් ඉංග්‍රීසි මාධයයෙන් උසස් පෙළ හැදෑරීමට අපේක්ෂා කරන ශිෂ්‍යාවන් පස් දෙනකු වෙනුවෙන් සිංහල මාධ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු නතර කළ නොහැකි බැවින් මෙලෙස ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය නවතා දැමීමට සිදුවු බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රෙල්ඛය අනුව යම් පාසලක සාමාන්‍ය පෙළ විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් කිහිපයකට පෙනී සිට සමත් වූ සිසුන් අපොස උසස් පෙළ සඳහා එම විෂය අතරින් එකක් හෝ කිහිපයක් ඉගෙනීමට ඉලුල්ම් කළහොත් එම විදුහලේ ම එම විෂය හෝ විෂයයන් ඉංග්‍රීසි මාධයයෙන් ඉගැන්වීමට ඉඩ පහසුකම් තිබේ නම් ඒ සඳහා ඉඩ ලබා දිය යුතු බවයි.
දෙමාපියන් පවසන්නේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තියක් පවත්වාගෙන ගොස් අතරමග නවතා දැමීමෙන් තම දරුවන් අසරණ වී ඇති බවයි. ගාල්ලේ ඉංග්‍රීසි මාධ්‍ය උසස් පෙළ පන්ති ඇත්තේ සවුත්ලන්ඩ්ස් බාලිකා විදුහලේ හා සංඝමිත්තා බාලිකා විදුහලේ පමණි. සවුත්ලන්ඩ්ස් විද්‍යාලය උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයට ඉල්ලුම් කළ ශිෂ්‍යාවන් අතර සිංහල නොවන ශිෂ්‍යාවෝ දෙදෙනෙක් ද සිටිති. ඔවුන්ට ගාල්ලේ වෙනත් පාසලක් නැත.
2016 උසස් පෙළ සඳහා පන්ති ආරම්භ කළ යුත්තේ ජූලි මාසයේ වුව ද සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 2014 උසස් පෙළ හැදෑරීමට නියමිත ශිෂ්‍යාවන්ට අධ්‍යයන නිවාඩු ලබා දී දැනටමත් නව පන්ති ආරම්භ කර තිබේ.
විදුහල්පතිනි කර්නල් ශාන්ති සෙනෙවිරත්න මහත්මිය මෙසේ කීවාය.අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛය අනුව මම 2016 උසස් පෙළ විභාගයට නියමිත දරුවන් සඳහා පන්ති ආරම්භ කරනවා. පාසලේ ඉඩ ප්‍රමාණවත් නැහැ. මට වැඩ කරන්න වෙලා තියෙන්නේ සීමිත භෞතික සම්පත් අනුවයි.
දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොග් මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති නවතා දැමීම වරදක් බවයි. එම සිද්ධිය මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා ම යොමුවී ඇති බැවින් තීරණය ගත යුත්තේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බව ද බ්ලොග් මහතා වැඩිදුරටත් පවසයි.ඒ මහතා මෙසේ ද කීයයි.
2016 උසස් පෙළ පන්ති පටන් ගතයුත්තේ ජූලි මාසයේ දී නමුත් දැනටමත් සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පන්ති පටන් ගෙන එය වරදක්. මේ දරුවන්ට අධ්‍යාපනය සඳහා අවස්ථාව දිය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2001 වසරේදී 2001.02.23 දිනැති චක්‍රලේඛ 2001/5 මගින් ශ්‍රී ලංකාවේ රජයේ පාසල් වලට ද්වීභාෂා මාධ්‍ය අධ්‍යාපනය හදුන්වා දුන්නේ ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව දන උගත් පරපුරක අවශ්‍යතාවය දැනෙන්නට වූ නිසාය. අතීතයේදී ධනවත් පවුල්වල දරුවන්ට පමණක් හිමිව තිබු මේ අවස්ථාව ඉන් අනතුරුව රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන මධ්‍යම සහ පහල සමාජ පන්ති වල දරුවන්ටද ලැබීමට භාග්‍ය උදාවිය.ඔබ මේ අකුල්හෙලන්නේ ඔබත් මාත් අයිති වන යටකී පන්තියේ දරුවන්ට හිමි වී ඇති එම අවස්ථාවටය. අපිට නොතිබුණු අවස්ථාවක පල නෙලන්නට වෙර දරන මේ දරුවන්ට ඊර්ෂ්‍යා ක්‍රෝධ නොකර සුභ පතන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්නේ පිටරට යන්නම නොවේ. (නදී)
ඉංග්‍රීසි හෝ සිංහල මාධ්‍ය පිළිබඳව ඔබ තමන්ගේ දෘෂ්ටියෙන් බැලීමේ වරදක් නැත. නමුත් ඕනෑම සිසුවෙකුට තමන් ඉදිරි අධ්‍යාපනය ලැබිය යුත්තේ කුමන මාධයෙන් දැයි තීරණය කිරීමේ අයිතිය පිළිබඳව මෙම සිසුන් හාස්‍යයට ලක් කෙරෙන අදහස් මම තරයේ හෙළා දකිමි. උගත් කමට මාධ්‍යයෙන් බාධාවක් නොවෙනවානම් ඉංග්‍රීසි මාධයෙන් ඉගෙනීමද නිසැකින්ම ඉගෙනීමට බාධාවක් නොවේ. 35ස් දෙනෙකුගේ පන්තියක් නැවත්වීමට එම සිසුන් 5 දෙනා පවසන බව ප්‍රචාරය කරන්නේ විදුහල්පතිනියමය. එම සිසුන් කිසි විටෙක තම මිතුරියන් ඔවුන්ගේ පන්තියෙන් පන්නා දැමීමට පවසා නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට කොරිඩෝවක්, පඩිපෙලක් යට වැනි ස්ථානයක් හෝ ලබා දෙන මෙන් පමණි. පසුගිය දා විශාල නව ගොඩනැගිල්ලක්ද විවෘත වුනු සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සිසුන් පස් දෙනෙකු සඳහා ඉඩ නොමැති බව පුදුම සහගත කරුණක් නොවේද? කිසිදු පන්තියක් නොනවත්වා ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය පවත්වාගෙන යා හැකි බව ගාල්ල පළාත් අධ්‍යාපන කාර්යාලයෙන්ද වාර්තා කර ඇත. (ස)
සිංහල රටේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමේ අරමුණ කවුරු හරි තේරෙන භාෂාවෙන් කියල දෙනවද?.ඒකත් නිදහස් අධ්‍යාපනයනේ.ඒ සදහා වැය කරන්නේ අපේ රටේ බහුතරයක් වූ සාමාන්‍ය පන්තියේ පුරවැසියන්ගේ මුදල්.(දිල්)
ළමයි අධ්‍යාපන පොස් සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් වුණාම පහසුකම් තෙයෙද්දීත් වෙන එකකට යන්න කියන එක මෝඩ කතාවක්. මෙතෙන්ට එන්න බලගන ඉන්න ළමයින්ගේ දෙමුපියොයි තවත් අයයි එකතුවෙලා දන ගේම් එකක් මේක. (අ)
ඇහැලියගොඩ මාධ්‍ය මහා විද්‍යාලයේත් ඔය දේ කරනවා. විදුහල්පතිනිය කියන්නේ අමාත්‍යංශ ලේකම්ගේ වාචික උපදෙස් මත එහෙම කරන බවයි. ජාත්‍යන්තර පාසල්වලත ජය වේවා . නිදහස් අධ්‍යාපනයට දෙවි පිහිටයි, දරුවන්ට දෙයියන්ගේම පිහිටයි (අ)
මම පාසල් අධ්‍යාපනය ලැබුවේ සිංහල මාධ්‍යයෙන්. නමුත් මට ඒ කාරණාව කිසිම අයුරකින් මදි පුංචි කමක් හෝ බාධාවක් වී නැහැ. රැකියාව කරන්නේ ද ඉංග්‍රීසි බහුලව භාවිතා කරන පුද්ගලික අංශයේ ප්‍රසිද්ධ ආයතනයක. සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්තත් මම ඉංග්‍රීසි පත පොත නිතර කියවන, දැනුම ලබාගන්න උත්සහ කරන කෙනෙක්. සමහර දෙමව්පියන් ලෝකයට පෙන්නුම් කරන්නත් දරුවන් ව ඉංග්‍රීසි මාධ්‍යයට ඇතුලත් කරනවා. පිටරට අධ්‍යාපනයට යවන්න නම් කමක් නැහැ. (ස)
අපිට නම් සිංහල හොඳයි (නි)
සුද්දන්ගේ භාෂා අපිට එපා (නි)
සාධාරණය වෙනුවෙන් හඬ නගන නිර්භීත පුද්ගලයෙකුට සිංහලයෙකු යයි කිව හැකිය. වෙනත් භාෂාවකට ගැරහීමෙන් තමන් සිංහලයෙකු වනවායයි කිසිවෙකු සිතන්නේ නම් එම අදහසෙහි ඇති අනුවන කම කෙතරම් දැයි කීමට මා සතු වදන් ප්‍රමාණවත් නැත.(නදී)
ඔයාලාට ඊර්ෂ්‍යා ඇති ඉංග්‍රීසි බැරි හින්දා නේද , සම්පත් , ජිවක? (නි)
"විදුහල්පතිනි කර්නල්" කියන එක ඇහෙන කොට හිනා යනවා වගේ නැද්ද? (ස)
පැහැදිලි කිරීම්ට කාලය නාස්ති නොකරන්න, මිනිසුන්ට ඇසෙන්නේ ඔවුන් අසන්න කැමති දේ පමණි. - පෞලෝ මේ කියමන සත්‍ය යයි හොඳින්ම වැටහේ. සිසුන්ට සිදුවූ විශාල අසාධාරණයක් පිලිබඳ මෙතරම් කියවෙද්දීත් බොහෝ දෙනාට එය එක් විහිළුවක් පමණක් වීම ඉතා කණගාටුදායකයි. (දී)
එම පාසලේ විදුහල්පතිනියගේ ක්‍රියාවන් ගැන වගකිව යුතු බලධාරීන්ගේ අවධාරණය යොමු විය යුතුය.. ඇය මේ වෙනුවෙන් පාසල තුළ බොරු ප්‍රකාශ කරමින් ළමුන් හා ගුරුවරුන් වෙන් කිරීමට පෙලඹවීම් කරන්න ඉඩ ඇත. (ස)
දැන් අර ළමයි ජිනීවා යන්න හදයිද දන්නෙ නැහැ (නි)
මම ඉගනගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතැනදී අපට යම්කිසි වාසියක් ලැබුන එය මම නැහැයි කියන්නේ නැහැ. නමුත් සිංහල මාධ්‍යයෙන් උගත් අය අපිව පසු කරගන ඉදිරියට ගිහිල්ලත් තිබෙනවා, ඒ නිසා උගත් කමට මාධ්‍යයෙන් බාදාවක් වෙනවා කියල මම හිතන්නේ නැහැ, නෙක දරුවෝ 35 දෙනෙකුගේ පන්තියක් නවත්වල ඒ අවස්ථාව පස්දෙනෙකුට දෙන එක සාධාරන කළ හැකිද.? නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගෙන ඇවිත් ඉහලම ඉහල තනතුරු දරන අයත් අද එය අමතක කරලා. (ස)
සිංහල රටක ඉංග්‍රීසි මාධ්‍ය පැවැත්වෙන්නේ ඇයිදැයි සේව්වානම් සිංහල රටේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමේ අරමුණ කුමක්ද යන පැනයට පිළිතුර හමු වේවි. මට හැඟෙන්නේ සිසුන් පිරිසකට අසාධාරණයක් වන මෙවැනි අවස්ථාවක වඩා වැදහත් වන්නේ ඔවුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට ඉල්ලා සිටින්නේ ඇයිද යන්න සෙවීමට වඩා එම සිසුන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීම හෙලා දැකීම යි . (අ)