
(මනෝප්‍රිය ගුණසේකර)
ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බියගන්වා වසර 16කට පෙර සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධියක විත්තිකරුවකු වන පොදු පෙරමුණේ පළාත් පාලන හිටපු අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඒ සඳහා වරෙන්තුවක්ද අද (30) නිකුත් කළේය.
මිද්දෙණිය ප්‍රදේශයේ අයිස් කන්ටේනර් දෙකක් සඟවා තබාගැනීමේ සිද්ධියේ සැකකරුවකු වන සම්පත් මනම්පේරි නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට ඔහු ඉදිරිපත් නොවීම නිසා විනිසුරුවරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.
2009 අගෝස්තු 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නාරහේන්පිට මංසන්ධිය ආසන්නයේදී කොල්ලකෑම පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වශයෙන් කටයුතු කරමින් සෙල්ලදොරෙයි කොලවෙන්නාදන් නැමති ව්‍යාපාරිකයා බිය ගන්වා රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා සහල් ලොරියක් හා ඔහු සන්තකයේ තිබුණු මුදල් හා ජංගම දුරකථනය කොලල්ලකෑ බවට චෝදනා 7ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
සම්පත් මනම්පේරි සහ නෙරංජන් පෙරේරා නැමැත්තන්ට අමතරව විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.
නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර සම්පත් මනම්පේරි නැමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කල්ප පෙරේරා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනත් නඩුවකට අදාළව මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන හෙයින් අදදින අධිකරණයට පැමිණ නැතැයි දැනුම් දුන්නේය.
බන්ධනාගාරගත කර සිටින බව දන්වා සිටියේය. ඒ අනුව චූදිත පිළිබඳ වාර්තාවක් සපයන ලෙස මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාරයට නියෝග කළේය.
සිව්වැනි විත්තිකාර නෙරංජන් පෙරේරා නැමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා කරුණු දක්වමින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට සිය සේවාදායකයා මාතර මහේස්ත්‍රතාත් අධිකරණයෙන් බන්ධනාගාරගත කර ඇතැයි දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළ විනිසුරුවරයා නඩුව යළි කැඳවීමටද නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
130
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සම්පත් මනම්පේරිට වරෙන්තු
සම්පත් Tuesday, 30 September 2025 05:33 PM
එදා ඉඳන් හොර කමින් රටට සේවය කරන මෙතුමා, ඇතුලු මහ රජ ගොලයෝ, ප්‍රධානීන් අපේ සම්පත්...
kasun Wednesday, 01 October 2025 07:50 AM
පාස්කු බෝම්බේ පුපුරා ගත්ත සයිබු නානාත් අපිට සම්පත්. ඇයි අපේ රටට නොබෙල් ත්‍යාගය අරන් දුන්න කුච්චන් එහෙම බැලුවාම මේකේ සම්පත් වැහි වැහැලා.
Sanka Wednesday, 01 October 2025 09:38 AM
තව හුලං හමන්ඩ කතා කරනවා! !!! පලයව් පළයව්. ...