
(නිමල කොඩිතුවක්කු)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා කොළඹදී මුණ ගැසුණි.
කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය නිසා ව්‍යාපාර බිඳ වැටීම, ජන ජීවිත කඩා වැටිම, යටිතල පහසුකම් රැසක් විනාශ වීම සිදු වූ බව පැවසීය.
එම යටිතල පහසුකම් නැවත ස්ථාපිත කර ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක්ද කළේය.
මේ අවස්ථාවෙ අප රට වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ජනරජය විසින් ලබාදුන් ආධාර සහ සහන සේවා වෙනුවෙන් ද සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය ඕස්ට්‍රේලියානු රජය සහ ජනතාව වෙත පිරිනැමීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දි කටයුතු කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වස්තුවේ වැඩ අවුල් කරන්න නම් එපා, එක තැනකට වෙලා ඔයාගේ මාධ්‍යයට කියන දෙයක් කියාගෙන ඉන්න හොඳ බබා වගේ මේ කරදර පිළිවෙලක් වෙනකම්...
මම ජනාධිපති වෙලා ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ ජනතාවට සේවය කරන්න පටන් ගන්නා තුරු ලංකාවට ආධාර කරන්න එපා කියන්න වෙන්න ඇති යන්න ඇත්තේ...!
රටේ ආත්ම ගෞරවය නැති කරගෙන නම් ආධාර ඉල්ලන්න එපා...!
ඕස්ට්‍රේලියානු මෙයා කියන්නටත් කළින් ආධාර කරලා ඉවරයි... බොරුවට ලකුණු දාගන්න එපා. පුළුවන් නම් දැනටමත් ආධාර නොදුන් රටවලින් අරන් පෙන්නන්න. මෙයා කතා කළ රටවල් සේරම මෙයා කතා කරන්නටත් කළින් ආධාර කරලා ඉවරයි.
දිගටම විපක්ෂේ… ස්ථීරයි… තීන්දුයි…!
අනේ අම්මපා... කියන දෙයක් තේරෙන්නේ නැති හැටි. අපේ ජනාධිපතිතුමා කිව්වා නේද... ප්ලීස් එපා ... කියලා. දැන් කොයි වචනෙද ඔයාට තේරෙන්නේ නැත්තේ...
ඕස්ට්‍රේලියාවෙන් ආධාර දැනටත් ලැබිලා මේ ආණ්ඩුවට තව දෙනවා කියලාත් මෙයාලාගේ සත පහේ හිඟා කෑම් ඕන නෑ
ඔයා කලබල වෙන්න එපා. දැනටමත් ආධාර දීල. තවත් ආධාර විශාල ලෙස ඉදිරියට එනව. එහි ශ්‍රී ලාංකික ජනතාව ආධාර තව තවත් රැස් කරමින් ඉන්නව . ඒව එයි . ඔයාල ඉස්සරහින් පැනල ලකුණු දාගන්න යන්න එපා.