
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
සෞඛ්‍ය මානව සම්පතට තිබූ බොහොමයක් දීමනා මෙවර අයවැයෙන් කප්පාදු කර ඇතැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"එදා වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තිකයන් ඇවිත් ඒ පිළිබඳව සාකච්ඡා කළ විට ඔබේ ආණ්ඩුව පොරොන්දු වුණේ මේ අයවැයට ඒක ඉදිරිපත් කරන බවටයි.හැබැයි මේ අයවැයේදී වත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත පිළිබඳව ඔබේ අවධානය යොමු වී නැහැ
.අපේ ආණ්ඩුවල තිබෙන ලොකුම ගැටලුව වන්නේ යටිතල පහසුකම් පිළිබඳව බොහෝ විට කතා කරනවා.ගොඩනැගිලි ගැන කතා කරනවා.හැබැයි ආයතන වල අමාත්‍යංශ වල රාජ්‍ය සේවයේ,මානව සම්පත පිළිබඳව කතා කරන්නේ නැහැ.යුද්ධය පැවති කාලයේ පවා වෛද්‍යවරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජීවිතය කැප කරමින් කටයුතු කළා.කොරෝනා වසංගතයේදී පී.එච්.අයි මහත්තයා දක්වා තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා පැය විසි හතරේම වැඩ කළා.එන්නත්කරණය පටන් ගත්ත වෙලාවෙත් එහෙමයි.ආර්ථිකය අර්බුදය අවස්ථාවේදීත් ඉල්ලීම් බොහොමයක් ඔවුන් පිටුපසට ගත්තා.
ඉතිරි කරපු ට්‍රිලියනයක ගිණුමක් තිබෙන බව ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා. තව බිලියන 150 ක් වැට් බද්දෙන් අය කර ගන්නවා.මුදල් ඕන තරම් තියෙනවා නම් අත්‍යවශ්‍ය සේවාව සපයන මානව සම්පත ආරක්ෂා කරගන්න රජයට වැඩපිළිවෙලක් නැත්තේ ඇයි? යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ බාල බෙහෙත් දීලා මිනිස්සු මැරෙන කොට තමුන් මොන ලෝකෙද උන්නේ? එදා අයවැය කතාව කරපු හැටි, අයවැයෙන් වැඩිම කොටසක් දූෂිත පව්ලේ අයගේ සුඛවිහරණය වෙනුවෙන් වෙන් කෙරුවේ. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු අය ගැන කවර කතාද?...
තමුන් ල වගේ බොළඳ, හොර ,මිනිස්සු මේ රට කරලා , ඒක හාල , බංකොලොත් කරන කල් අපි තමුන් ලට චන්දෙ දුන්න. පැරදිලා ගෙදර යැව්වා නේ, දැන් , 2016 වගේ අල කීයද ලුණු කීයද කියල ඇවිත් පැය 16ක් ලයිට කපන,පෙට්රෝල් නැති , ලංකාවේ මිනිහෙකුට අනාගතයක් තියෙනවද කියල හිතන්නව බැරි රටක් හදල තමයි ඔයාල වැඩ පෙන්නුවේ. කිසිම අරපිරිමස්මක් නැතිව වියදම් කරලා, ජෝගි නටල, රට බංකොලොත් කාලෙත්, මිනිස්සු බොහොම අමාරුවෙන් ඉන්න කලෙත් , තමුන්ගේ මගුල් වලට, හිටපු ජනාධිපති මන්දිර වලට ප්‍රකෝටි ගණන් වියදම් කල නාස්තිකාර පාලනයක් කරපු මිනිස්සු ඔයාල. දැන් වද දෙන්නේ නැතිව ඉන්න .2028 චන්දෙ තියෙන කොට බලමු. එතකොට අනුර ෆේල් නම් වෙන කවුරු හරි ගෙනෙන්නම්.ඒත් ඔයා නෙවයි
තමාගේ පවුලේ අයවලුන් එකතු වෙලා ගත්තු ණය ටිකයි ඒවා හොරා කාපු එකයි ඒ ණය දැන් ගෙවන්න තියෙන එකයි අමතක කරලා සත්තු වගේ හැසිරෙනවා. රටෙන් සහ අනාගත ජනතාවගෙන් පලිගන්න හදන්න එපා. කරපු පව් මදිද අප්පා.
මැදමුලන නාමල් බේබි ඔයා කෙදිරි ගාන්නේ තමන්ගේ හැරමිටි වාරුවෙන් යන අප්පච්චි ගැන දුක් හිතුණ නිසා නේද?