
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා ඇරඹූ රට ගොඩනැගීමේ අරමුදලට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වීසින් රුපියල් කෝටියක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
ඒ අනුව ඊට අදාළ චෙක්පත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති ටිෂාන් සුබසිංහ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගැන්වීය.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ උප සභාපති අනෝජි ද සිල්වා, හිටපු සභාපති හේෂන කුරුප්පු, ප්‍රධාන විධායක නිලධාරි ලක්මලි ප්‍රියංගිකා, අලෙවි ප්‍රධානී උදාර ජයසිංහ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd