(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වියට්නාමයේ හිටපු ජනාධිපති හෝ චි මිං (Ho Chi Minh) පිළිබඳ වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ සුගීශ්වර ශලාවේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ වියට්නාම, රුසියන්, කියුබා සහ චීන තානාපතිවරුන් සහභාගි වූ මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය.
මෑත කාලීන ප්‍රධාන මැතිවරණ දෙකේ දී ශ්‍රී ලාංකික ජනතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රගතිශීලී රජයක් තෝරා පත් කර ගත් බව කී අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතියේ ආර්ථිකය සහ පාලන ව්‍යුහයන් පුනර්ජීවනය කිරීම අරමුණු කරගත් අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ආරම්භ කර තිබෙන බව සඳහන් කළේය.
1986 දී ආරම්භ කරන ලද වියට්නාමයේ ප්‍රතිසංස්කරණ වලට සමාන්තරව ලංකාවද සමාජවාදී-නැඹුරු වෙළඳපළ ආර්ථිකයකට පරිවර්තනය කරමින් නවීකරණය සඳහා පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසී ය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වියට්නාමය වගේ නවීකරණයක් ලංකාවටත් කරනවා