(සුජිත් හේවාජුලිගේ)
දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබල නායකයෙකුද ළගදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔහු අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලයේදී අදාළ අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් තමන්ගේ පෞද්ගලික කටයුත්තකට යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් ඒ සිද්ධිය ගැන සාක්ෂි රැසක් දැනටමත් ලැබී ඇති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි දැනගන්නට
ඇත.
ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ එම නායකයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
තවද අමාත්‍යාංශයක වියදම් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මේ අතර විවිධ දූෂණ සම්බන්ධයෙන් දේශපාලනඥයන් 10 දෙනෙකු මේ වසරේදී රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.
මේ වසරෙදි දඬුවම් නියම කෙරුණු දේශපාලඥයන් සංඛ්‍යාව තුනකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විපක්ෂයේ ලොක්කෙකුත් ළඟදීම අත්අඩංගුවට?
CK.Lankaputhra Monday, 01 September 2025 09:34 AM
අපොයි, අපොයි ලොරි ටෝක්ස් දෙන අර තුමා වෙන්න ඇති. ඒවා වෙනස් මේවා වෙනස්.
dds Monday, 01 September 2025 09:36 AM
ඉතාම සතුටුයි. බලය අවභාවිතා කල සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. වහලුන් හැර සියලුම ජනතාව මෙයට කැමතියි.
අරවින්ද මොණරවිල Monday, 01 September 2025 09:56 AM
අපිත් වහල්ලු නොවිය යුතුයි. මේ ආණ්ඩුවේ ඇමතිලගෙ දූෂණ චෝදනාත් හොයලා ඒ අයවත් අත්අඩංගුවට ගත යුතුයි. අන්න එතකොට අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන්.
SuddaMonday, 01 September 2025 11:50 AM
බොහොම ස්තූතියි අරවින්ද මොනරවිල. ඔයාලාගේ ඇමැතිවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නගරාධිපති කෙනෙක්ගේ නම් දැනටම කියැවෙනවා. තව ලොකුම කේස් එකක් යටගහනවා කියලාත් හිතෙනවා. ඒ නිසා තමයි ලියුමක් නිකුත් කරපු විශ්ව විද්‍යාලයෙන් ඒ ගැන විමසන්නේ නැතුව එය බොරුවක් කියනකොට ඔය කාටවත් ඡන්දය නුදුන් අපිත් දෙපාරක් පවතින රජය ගැනත් හිතන්නේ...
කෞෂි Monday, 01 September 2025 09:46 AM
එකයිද? ඉතුරු හොරු ටික?
Shantha Qatar Monday, 01 September 2025 10:16 AM
උස නම් සිකියුරිට් මිටි නම් කම්කරු බදවාගැනීම ගෙදර වැඩ පරික්ෂණයෙන් පසු
Wipakshe Monday, 01 September 2025 10:21 AM
අම්මෝ ... ඕවා අහනකොට බයේ බෑ
අරවින්ද මොණරවිල Monday, 01 September 2025 10:43 AM
මගේ නමින් තව එක කසළ ශෝකයෙක්ද අදහස් පළකරමින් පාඨකයන් නොමග යවන්න උත්සාහ කරමින් ඇත. ඒ කොහොම වුණත් මේ විපක්ෂයේ ලොක්කා කලකට පෙර හම්බන්තොට සියඹලා ගහක් යට කොට කලිසමක් හා ටී ශර්ට් එකක් ඇගලාගෙන පුටුවක වාඩිවෙලා, කොට නම් කම්කරු උස නම් සිකුරිටි කියමින් රැකියා දුන් අයෙක් වෙති. තවද ඔහුගේ ආර්ය්‍යාව සතු සැලූන් හෙවත් බාබර් ෂොප් වල සේවයට තම අමාත්‍යාංශයේ සේවකයන් යෙදවූ දුෂිතයෙක් බව අනාවරණය වී ඇත. තවද සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය කරමින් තම දේශපාලන ප්‍රතිරූපය ගොඩ ගැන්වීමට ක්‍රියාකළ බවට චෝදනා එල්ල වී ඇත...
fairoos Monday, 01 September 2025 12:23 PM
තරාතිරම නොබලා රට බංකොළොත් කරපු සෙට් එකම යවමු ඇතුළට...
රනේ Monday, 01 September 2025 12:25 PM
ඒ එක්කම රටේ සංවර්ධනයටත් අපි හැමෝම දායක වෙමු. ඉක්මනින් සංවර්ධිත රටක් ගොඩනගමු!
Ran Tha Monday, 01 September 2025 12:32 PM
ශුවර් එකට විමලාවතී වෙන්න ඕනෑ
දනන්ජය Monday, 01 September 2025 12:43 PM
රනිල් ගත්තා. සජිත් ගනීවි, නාමල්, පාටලී ගනීවි. තමන්ගේ බලයට තර්ජනයක් වෙයි කියලා හිතන සින්හල බෞද්ධ නායකත්වය හිරකරලා රට විනාශ කරන්නද හදන්නේ?ජාතියක් ආගමක්, ජන්මයක් නැති මිනිස්සු ගත්තු වගකීම් පැත්තකට දාලා කරන්නේ ගැලරිය චූන් කරන එක...
කපුරුහාමි Monday, 01 September 2025 01:09 PM
පොහොට්ටුවේ උන් කියාවි විරුද්ධ පාක්ෂිකයින්ව මර්දනය කරන්ඩ යනවා. හිර ගෙවල්වල ඉඩ මදිවෙනවා කියලා, එහෙම වෙන්ඩ එපැයි, දූෂිත දේශපාලුවෝ කරලා තියෙන දේවල් වල හැටියට...
සංඛා Monday, 01 September 2025 01:49 PM
දැන් මේ සිදුවීමෙන් ඉතුරු හොරු ඔක්කෝම බයවෙලා ඉන්නේ. රනිල්ට හොරා හොර කියපු කට්ටිය රනිල් ගැන කිඹුල් කඳුළු සලන හැටි අපිට පේනවා. ඊළඟ දවසේ ඔහුට ඇපත් නැතුව, ඉතුරු හොරුන්ගේ නඩු ටිකත් ලෑස්ති කරගන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.
ලූට මූස් Monday, 01 September 2025 01:56 PM
ඔය ගමන්ම හොර ඔප්පු කේස් එකට කට්ටි පනින වසන්තවත් අත්අඩංගුවට ගත්තොත් නම් අනුර වැඩ්ඩෙක් කියලා කියන්න පුළුවන්...