IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


විදුලි බිල සියයට දහඅටකින් ඉහළට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විපක්ෂය විදුලි බිල සියයට තිස්පහකින් වැඩි වන බව කිව්වත්  වැඩි වන්නේ සියයට දහ අටකින් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

කෙසේ වෙතත් පානීය ජල ගාස්තු වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජල බිල සම්බන්ධයෙන් කළ  ප්‍රකාශයකට පිළිතුරැ දෙමිනි

අනුර කරුණාතිලක මහතා මෙසේද පැවසීය.

පානීය ජල ගාස්තුව වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නෑ. ජල ගාස්තු වැඩි කරන්න යනවා කියලා විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. මොන ආරංචි මාර්ගයක් පදනම් කරගෙනද ඒ ප්‍රකාශය කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

විදුලි බිල වැඩි කරන බව ඔබ කියන්න කලින් රටට කිව්වේ අපි. විදුලි බිල එක්කම ජල බිලත්  වැඩි වැඩිවෙනවා කියලා අපි අනුමාන කරනවා. ඔබතුමාලා විදුලි බිල  සියයට තිස්තුනකින් අඩු කරනවා කියලා සියයට දහඅටකින් වැඩි කරනවා. විදුලි බිල වැඩි වන නිසා ජල බිල වැඩිවේවි කියන  සැකය මත තමයි ප්‍රශ්නය අහන්නේ.



අදහස් (2)

විදුලි බිල සියයට දහඅටකින් ඉහළට

ranjith Friday, 23 May 2025 08:00 PM

හැමදේම අඩුකරනවා කියලා ඇවිත් හැම දේම වැඩි කරනවා. තව ඡන්දෙත් දෙන්න කියලා ඉල්ලනවා. ලැජ්ජා නැතිව.

:       2       40

නිමල් Friday, 23 May 2025 09:01 PM

නෑ කියන ගොඩාක් දේවල් පස්සේ එහෙම වුණා කියලා කියනවා. මෙච්චර කල් නම් මේ ආණ්ඩුව කරපු හැම එකක්ම වුණේ එහෙම. බොරු කීම ජීවන ක්‍රමය වෙච්ච අයට ඒක එච්චර අමාරු නෑ...

:       2       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 58 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 476 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 247 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site