(අංජුල මහික වීරරත්න)
ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායන් වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මහජන සේවා සැපයීම සහ උපාය මාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳ පොළ අවශ්‍යතා සමඟ නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්ය සාධනය ආදී හේතු නිසා අක්‍රීය තත්ත්වයට පත් ව තිබේ.
ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වා ගෙන යාම වෙනුවට, එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව සැලකිල්ලට ගෙන, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33 ක් අදියර 2ක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වැඩකට නැති රාජ්‍ය ආයතන 33 ක් වසා දමයි
Lalla Thursday, 04 September 2025 10:56 AM
පොල් වගාකිරීමේ මණ්ඩලය පොල් සංවර්ධන අධිකාරිය පොල් පර්යේෂණ ආයතනය.... සුදු අලි තුන්දෙනා එකක් කරල පින්පඩිකාරයෝ රොත්තක් වැඩ තියෙන ආයතන වලට යවන්න බැරිද. කැපවී වැඩ කරන සුලු කණ්‌ඩයමන් මේ ආයතන වල ඉන්න එක ඇත්ත.
janahithaThursday, 04 September 2025 11:37 AM
පාර්ලිමේන්තුව, විරුද්ධ පක්ෂ කාර්යාල, තැපල් දෙපාර්තමේන්තුව, උතුරු වසන්තය චිත්‍රපටි සංස්ථාව, ගුවන් විදුලි සංස්ථාව, හිරු දෙරණ පාරිභෝගික අධිකාරිය.
ගුණරත්නThursday, 04 September 2025 11:57 AM
මේ ආණ්ඩුවත් කිසිම තේරුමක් නැතිව ත්‍රිපෝෂ කඩ, සීනි කඩ දාගෙන යනවා. ඒවත් සුදු අලි තමා
අරවින්ද මොණරවිල Thursday, 04 September 2025 11:19 AM
රටටත් ජනතාවටත් වැඩකට නැති රාජ්‍ය ආයාතන පවත්වාගෙන යමින් හා ඒවාට තම දේශපාලන හෙන්චයියන් පුරවමින් හා කොන්ත්‍රාත් ලබාදෙමින් මහජන මුදල් කාබාසිනියා කෙරුව කාලය නිමා කරමින් රටට ප්‍රතිලාභ අත්කර දිය නොහැකි ආයාතන වසා දැමීම ඉතා හොද දෙයක් !