(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාලය සතු වාහන අලෙවි කරන ලද්දේ රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයෙන් ජනාධිපති කාර්යාලය මෙසේද කියයි.
ජනාධිපති කාර්යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ
දෙවෙනි අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙමින් තිබීම නිරීක්ෂණය වී තිබේ.
වත්කම් කළමනාකරණ චක්‍රලේඛ 05/2024 යටත්ව මෙහිදී කටයුතු කර ඇත.
මෙලෙස ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේදී රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇති අතර 2025-04-23 වන දින නියමිත පටිපාටියට අනුව පුවත්පත් නිවේදන මගින් ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබිණි. ඒ වෙනුවෙන් මුදල් ගෙවා ටෙන්ඩර් අයදුම්පත් ලබාගත් අයදුම්කරුවන් 108 දෙනෙකු ටෙන්ඩර් පත් කැඳවීම අවසන් වූ 2025-05-15 දිනට තමන්ගේ මිල ගණන් ඉදිරිපත් කර තිබූ අතර එදින පෙ.ව 11.00ට ටෙන්ඩර් පත් විවෘත කර ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම සිදු කරන ලද්දේ නියමිත පටිපාටිය අනුවය.
එහිදී රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට වාහන අලෙවි කිරීමට කටයතු කරන ලදී. ඇතැම් වාහන සඳහා රජයේ තක්සේරුව ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින්, අලෙවි කරන ලද්දේ ඉදිරිපත් කරන ලද වාහන 26න් 17ක් පමණි. එසේ රජයේ තක්සේරු වටිනාකම ඉදිරිපත් නොවු වාහන අතරට වාහන 09ක් ඇතුළත්ය.
ඒ අනුව 2025-05-15 වන දින සිදු කෙරුණු ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීමේදී, අලෙවි වූ වාහන පිළිබඳ විස්තරය මෙසේය
S.No Vehicle No Model Government Valuation (Rs.) Sold Out value (Rs.)
1 CAB-3453 FORD EVEREST- Motor Car 2,500,000.00 5,390,000.00
2 KY-9967 FORD EVEREST - Motor Car 1,900,000.00 8,800,000.00
3 KA-1016 HYUNDAI TERRACAN- Motor Car 3,500,000.00 3,788,999.00
4 CAP-9828 LAND ROVER DISCOVERY 4 S- Motor Car 25,000,000.00 27,100,000.00
5 GP-4599 MITSUBISHI R MONTERO Motor Car 5,000,000.00 8,622,500.00
6 KY-5541 NISSAN TEANA- Motor Car 5,500,000.00 8,195,950.00
7 KD-6376 NISSAN XTRAIL- Motor Car 4,000,000.00 6,127,000.00
8 GD-7249 NISSAN PATROL - Motor Car 13,000,000.00 14,599,900.00
9 GD-7209 NISSAN PATROL Motor Car 11,500,000.00 12,200,000.00
10 KW-6235 PORSCHE CAYENNE S- Motor Car 13,500,000.00 13,610,000.00
11 CAC-4493 SSANG YONG REXTON W- Motor Car 8,300,000.00 9,475,000.00
12 CAC-4502 SSANG YONG REXTON W- Motor Car 8,500,000.00 9,676,000.00
13 KJ-0642 SSANG YONG REXTON270XDI - Motor car 4,000,000.00 5,010,000.00
14 KC-7323 TOYOTA LAND CRUISER SAHARA- Motor Car 6,500,000.00 12,599,900.00
15 KU-7912 TOYOTA LANDCRUISER V8 Motor Car 28,000,000.00 32,150,650.00
16 61-0520 MITSUBISHI ROSA – Motor Coach 2,200,000.00 4,167,350.00
17 KW-5401 LAND ROVER DISCOVERY - Motor Car 13,000,000.00 18,675,000.00
Total 155,900,000.00 200,188,249.00
රජයේ තක්සේරු වටිනාකම ඉදිරිපත් නොවූ නිසා අලෙවි නොවු වාහන 09 පිළිබඳ තොරතුරු
වාහන අංකය වාහන වර්ගය ඉදිරිපත් වූ ඉහළම ලංසු අගය (රු)
KQ-9351 B.M.W 523 I-Motor Car 13,888,888.88
GD-7215 NISSAN PATROL - Motor Car 11,375,700.00
KJ-0645 SSANG YONG REXTON 270XDI- Motor Car 6,160,000.00
CAG-4007 SSANG YONG REXTON 270XDI -Motor Car 6,888,999.00
CAF-2536 TOYOTA LAND CRUISER V8 - Motor Car 53,500,000.00
KQ-7546 TOYOTA LAND CRUISER V8 - Motor Car 36,100,000.00
KP-2222 TOYOTA LAND CRUISER V8 - Motor Car 23,266,321.00
KQ-6211 TOYOTA LAND CRUISER V8 - Motor Car 38,888,888.88
KP-7149 TOYOTA LAND CRUISER V8 - Motor Car 34,150,700.00
එසේ තිබියදී මෙම ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම පිළිබඳව විවිධ අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ඒවා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරිමට යම් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටින බව පෙනේ.
පසුගිය පාලනයන් තුළ මහජන මුදලින් මිලට ගන්නා ලද මෙම සුඛෝපභෝගී වාහන මහජන මුදලින් නඩත්තු කරමින් ඒවා පාවිච්චි කරමින් සහ නාස්ති කරමින් අබලන් තත්ත්වයට පත් කළ දූෂිත කණ්ඩායම් තමන්ගේ වරප්‍රසාද අහිමි වීමත් සමග වියරු වැටී සිටින බව මෙම කලබලයෙන් පැහැදිලිය. ඔවුහු තමන්ගේ නාලිකා සහ සමාජ මාධ්‍ය කුලී ලියන්නන් යොදා ගනිමින් තමන් අතට පත්වන ඕනෑම දෙයකින් ආණ්ඩුවට පහර දෙන තත්ත්වයට ඇද වැටී සිටිති.
මෙම තත්ත්වය හමුවේ මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය හා සාවද්‍ය සමාජ මාධ්‍ය භාවිතය අතිශය පිළිකුල් සහගත වන අතර මෙම ද්වේශ සහගත ප්‍රචාරයන් කරමින් මහජනතාව නොමග යැවීමට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කරනු ලැබ ඇත.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
වාහන විකිණීම ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්
ගුණරත්න Sunday, 18 May 2025 02:08 PM
හරි ෂෝක්, මිනිස්සු වාහනයක් ගන්න බලන් ඉන්නකොට මාකට් එකේ විකිණෙන ගානට හරි යන්න අලුත් වාහන මිල ඉහළ දැම්මා, ඒත් මාකට් මිලට වෙන්දේසියේ වාහන විකුණුවේ නැහැ. මේක හොරකමක් නොවෙයිද? මේක ගිය ආණ්ඩුව කාලේ වුණා නම් ඔය ආණ්ඩුව කරන අය රජයේ පටිපාටිය කියලා කට වහන් ඉඳීවිද?
රසික Sunday, 18 May 2025 03:46 PM
එතකොට කෝ අර ලක්ශ 300-400 වෙන වාහන? ඒවා විකිණුවේ නැත්තේ ඇයි ඒ නියම ගණන් වලට...?
Roni Sunday, 18 May 2025 03:58 PM
ඉස්සර කුලියට දෙද්දී කෑ ගහනවා. දැන් සින්නක්කරයට දෙනවා.
යෝගා Sunday, 18 May 2025 04:16 PM
නැව් කුමාරගේ තව පචයක්ද කොහේද? ගෝල්පේස් එකේ ගාල් කරලා තියෙනකොට තිබ්බ වටිනාකම වැස්සට හේදුණාද..?
පිස්සු යකෙක් Sunday, 18 May 2025 04:27 PM
රසික, ඉස්කෝලේදි ගණිතය කියලා විෂයක් උගන්වනවා. ඒකෙන් ඔය සරල ගණිතය හා ඉලක්කම් අඳුනාගන්න පුළුවන් වෙනවා. කොහේද ඉතින් බයියෝ ඉස්කෝලේ ගියේ...?