පතල් හා ඛනිජ සම්පත් පනතේ යන්ත්‍රෝපකරණ (මැෂිනරි) හා උපකරණ (ඉක්විප්මන්ට්) යන යෙදුමට වාහන අයත් නොවන බව අභියාචනාධිකරණය තීන්දු කළේය.
ඒ ඩබ්ලිව් ඒ සලාම් හා සුනිල් රාජපක්ෂ යන විනිසුරුවරුන්ගේ මෙම තීරණය නීති ක්ෂේත්‍රයේ ඉතා වැදගත් සිද්ධියක් බව නීති විශාරදයෝ කියති.
වැලි ප්‍රවාහනය කළ වාහන රාජ සන්තක කිරීමට එරෙහිව එම් සී නිෂාන්ත, පී එන් විජේපාල හා ඩබ්ලිව් ඉන්දික රුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ එම තීන්දුව ඉවත් කරන ලෙසයි.
පතල් හා ඛනිජ සම්පත් පනතේ දැක්වෙන ‘මැෂිනරි‘ හා ‘ඉක්විප්මන්ට්‘ ගණයට වාහන ඇතුළත් නොවන බව එම් සී මුනීර් හා චතුර ගල්හේන යන නීතීඥවරු තර්ක කළහ.
ඔවුන් කියා සිටියේ මහේස්ත්‍රාත් උසාවියෙන් තම වාහන රාජ සන්තක කළ බවයි. ඊට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල මහාධිකරණයෙන් නිශ්ප්‍රභ කළ බව ද ඔවුහු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් නීතිය පෙරලන රටක්(දිල්)
වැරදියට අර්ථකථන දීම අසාධාරණයි (නදී)
බොහොම හොද තීරණයක්. දැන් ඉතින් අපිට හිතුමතේ වැලි අදින්න පුළුවන්. (ස)
පතල් හා ඛනිජ සම්පත් පනතේ යන්ත්‍රෝපකරණ සහ උපකරණ යටතේ වැලි ප්‍රවාහනයට අත්‍යවශ්‍යම වන ලොරි, ටිපර් ගැන උපලේඛනයක් යටතේ ඇතුලත් කර නොතිබුන නිසා දැන් වැලි ප්‍රවාහනය කරන්නන්ට ඉතින් රජම වූ මගුල් තමා. අයියෝ නීතිය! (අ)
ගිය සතියේ ඇඹිලිපිටියේදී මම මගේ ඇස් දෙකටම දැක්කා කරදරයක් නැතුව වැලි අදින හැටි (නි)
නීතියෙන් සහනයත්,ඉන්ධන සහනයත් ලැබුනත් වැලි වල මිල නම් අඩුකරන එකක් නැහැ ! (නි)
රටේ නීතිය ක්‍රියාත්මක නොවුණාට අර්ථකතන නම් අකුරටම ක්‍රියාත්මක වෙනවා. (නි)
අපේ නීතියේ හරියට හිල්. (නි)
මේක හරිම සාධාරන තීන්දුවක්. (ස)
ඉතාම හොඳ තීන්දුවක්. නීතිය අර්ථ නිරූපනය විය යුත්තේ එහෙමයි. දැන් මේ සංස්ථාව අයත් අමාත්‍යංශයත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත් එකතුවෙලා වහාම නීතියේ තිබුන මේ සිදුර වහන්න ක්‍රියාකළ යුතුයි. නැත්නම් මෙලහකටත් හෝ ගාලා වැලි කට්ටිය වැඩ ඇති. (නි)
මේ කියන වාහන එන්ජිම නැතුව දුවන ඒවා වෙන්න ඇති! (නි)