
වියට්නාමයේ දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 90 දක්වා ඉහල ගොස් ඇති බවත් 12 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රට පුරා නිවාස 186,000 කට හානි සිදුවී ඇති බව වියට්නාම රජය පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සති කිහිපයක් ඇතුළත කල්මේගි සහ බුවාලෝයි යන සුළි කුණාටු රට තුළට කඩා වැදීමෙන් පසුව, මෑත මාසවලදී වියට්නාමයට බලපෑ දරුණුතම කාලගුණික සිදුවීම මෙම ගංවතුර බව සැලකේ.
අද (23) උදෑසන 258,000 ක් පමණ දෙනාට විදුලිය විසන්ධි වී තිබූ අතර සමහර ප්‍රදේශයන් වල ප්‍රධාන අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග වල ගමනාගමනයට බාධා ඇති වු බව විදෙස් මාධ්‍ය පවසයි.
වඩාත් දරුණුතම බලපෑම් නිරීක්ෂණය වී ඇත්තේ දකුණු සහ දකුණු-මධ්‍යම වියට්නාමයේ පිහිටා ඇති ක්වාං නගයි, ගියා ලායි, ඩක් ලක්, ඛාන් හෝවා සහ ලැම් ඩොං යන පළාත් පහ තුල බව එරට රජය වාර්තා කරයි.
ඉදිරි දිනවලදී වර්ෂාව අඩු වනු ඇතැයි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිනිසා විසින් සිදුකරනු ලබන දේශගුණික විපර්යාස හේතුවෙන් වියට්නාමය දරුණු කාලගුණික සිදුවීම්වලට වැඩි වශයෙන් නිරාවරණය වන බව එරට විද්‍යාඥයන් පවසන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
(අන්තර්ජාලය ඇසුරෙන් හසින් නවෝද්‍යා)
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1011
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වියට්නාම් ගංවතුරින් 90ක් මරුට