(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ව්‍යාජ ඇමරිකන් ඩොලර් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

එම සැකකරු සන්තකයේ තිබී, ව්‍යාජ ඇමරිකානු ඩොලර්  නෝට්ටු 453 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශයට ලද රහසිගත තොරතුරකට අනුව වැල්ලවත්ත  ප්‍රදේශයේ  තාවකාලික කාමර ලබාදෙන ස්ථානයක් වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුට මෙම ව්‍යාජ ඩොලර් නෝට්ටු මුදල් ලද ආකාරය සහ එම මුදල්  සංසරණය කර ඇත්දැයි සොයා දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව පොලිසියකියයි

43 හැවිරිදි සැකකරු තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.