IMG-LOGO

වත්කම් වාර්තාවෙන් කට්ටි පනින නිලධාරීන්ට අද සිට දඩ



(සුජිත් හේවාජුලිගේ)

වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් රජයේ නිලධාරීන්ගෙන්  අදින්(14) පසු දඩ අය කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මේ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් රජයේ නිලධාරීන්ගේ   වැටුපෙන් අද සිට  එක් දිනකට තිහෙන් එක බැගින් කපා ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු රජයේ නිලධාරීන් සෑම වසරකම මාර්තු 31 වනවිට පැවති දේපළ පිළිබඳ විස්තර ජුනි මස 30 වැනිදාට පෙර සිය ආයතන ප්‍රධානීන්ට  භාරදිය යුතුවේ.

එසේ භාර දුන් පසු ආයතන ප්‍රධානීන් විසින් එම වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කෙරේ. ජූනි 30 වැනිදාට වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් රජයේ නිලධාරීන්ට එම ප්‍රකාශ භාරදීම සඳහා  තවත් සති දෙකක සහන කාලයක් හිමිවූ  අතර එම සති දෙකක කාලයේදී  වත්කම් බැරකම් බාරදුන්  නිලධාරීන්ට  අල්ලස් කොමිසමෙන් අවවාද ලිපියක් පමණක් නිකුත් කෙරේ.

මේ අනුව  වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමට රජයේ නිලධාරීන්ට  දුන් සති දෙකේ සහන කාලය අවසන් වන අද දින වන විටත්   වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදී ඇති  නිලධාරීන්ගේ ලයිස්තුව ආයතන ප්‍රධානීන් විසින් ඉදිරි දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා  විමර්ශන කොමිෂන් සභාවට යොමු කරනු ලැබිය යුතුවේ. දඩ අය කෙරෙන්නේ එම නිලධාරීන්ගෙනි. නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව දූෂණ වංචා සහ ක්‍රමිකතා වැළැක්වීම සඳහා මෙම නව නීතිය ක්‍රියාත්මක වේ.

අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හිටපු අභියාචනාධිකරණ  විනිසුරු නීල් ඉද්දවල  මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක  මහතා විසින් රජයේ ප්‍රධානීන්ට  මෙම නියෝගය ලබා දී ඇත.



අදහස් (3)

වත්කම් වාර්තාවෙන් කට්ටි පනින නිලධාරීන්ට අද සිට දඩ

Rifan Monday, 14 July 2025 09:16 AM

යහපත් රටක් ගොඩනැඟීමේ ගමනේ කාලීන වටිනා පියවරක්

:       3       18

Perera Monday, 14 July 2025 10:09 AM

ආණ්ඩුවේ ඉහලම නිළධාරීන් කෙළින් නම්, පහළ අය ඉබේටම හැදෙනවා නැත්නම් හැලෙනවා.

:       2       9

සඳුන් Monday, 14 July 2025 10:47 AM

අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, ඔය නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට හා විනිශ්චයකාරවරුන්ටත් අදාළයි නේද? එම නිසා ඔය ලිපියම කථානායකතුමාට හා අග්‍රවිනිශ්චයකාරතුමාටත් යැව්වොත් නරකද? එතකොට නේද නීතිය හැමටම සමාන වෙන්නේ. අමතකයි වගේ පෙනෙන නිසා නිකන් මතක් කරන්නයි කිව්වේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 36 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 32 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site