IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ලංකාවට හතර වැනි තැන

සියදිවි නසාගැනීමේ වැඩිම ප‍්‍රවණතාවක් ඇති රටවල් සම්බන්ධ 2014 වසර සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති  වාර්තාවට ශී‍්‍ර ලංකාවද ඇතුළත්ව තිබේ.

එම රටවල් අතරින් සිව්වැනි ස්ථානය හිමිව ඇත්තේ ශී‍්‍රලංකාවට වන අතර පුද්ගලයින් ලක්ෂයක් සැළකුවහොත් ඉන් පුද්ගලයින් 29 දෙනෙකු පමණ සියදිවි නසාගන්නා වාතාවරණයක් ශී‍්‍ර ලංකාවේ තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.

පළමු ස්ථානය හිමිව තිබෙන්නේ ඝානාවට වන අතර එරට පුද්ගලයින් 10000 කට සියදිවි නසාගැනීම් 44 ක් පමණ සිදුවන බව සඳහන්ය.උතුරු හා දකුණු කොරියා දෙරට පිළිවෙලින් දෙවන හා තුන්වැනි ස්ථාන හිමිකරගෙන සිටී.

ලොව බොහෝ සියදිවි නසාගැනීමේ සිදුවීම් වාර්තා වන්නේ ආසියා කලාපයෙන් බව වාර්තාවේ විශේෂයෙන් පෙන්වා දී තිබෙන අතර ඒ සදහා ප‍්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ආර්ථික අපහසුතාය.

වස පානය කිරීම හා ගෙල වැළලාගැනීම සියදිවි නසාගැනීම සදහා වැඩියෙන්ම භාවිතා කෙරෙන ක‍්‍රමයන් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන්ය.

 

 



අදහස් (0)

ලංකාවට හතර වැනි තැන

සිරිසේන Monday, 08 September 2014 02:40 PM

ආශ්චර්ය නිසානේ වෙන මොකුත් නෙමේ අනේ. (අ)

:       0       0

රොකි Monday, 08 September 2014 02:48 PM

ඉදිරියටම යමු ජයවේවා (අ)

:       0       0

ප්‍රියා Tuesday, 09 September 2014 09:28 AM

ලංකාවට 4 වැනි ස්ථනය නොදුන්නා නම් ඊට විරෝධය දැක්වීමක් ලෙසට මම ලෝක සෞඛ්‍ය සංවිධානය ඉසරහ ගිනි තියා ගන්නයි හිටියේ. (නදී)

:       0       0

ධනුක Monday, 08 September 2014 03:21 PM

මට හිතෙන්නේ සිය දිවි නසා ගැනීම් වලට අද කාලයේ ගෙදර පරිසරයත් බලපානවා කියලා. සමහර දරුවන්ට දරා ගැනීමේ ශක්තිය ඇති කර ගැනීමට මව්පියන් ඉඩ දෙන්නේ නැහැ. වැටීමක් සීරීමක් වගේ පොඩි දුකක් කරදරයක් වත් හිතේ හය්යෙන් ඉවසීමට ඉඩ දෙන්නේ නැහැ. ගෙදර වගකීම් දෙන්නේ නැහැ. හරි හම්බ කරගන්න මව් පියන් විඳින දුක පෙන්නන්නේ නැහැ. ඉතින් අර ළමයින් වැඩිහියන් වුනාම ප්‍රශ්නයක් එකපාරට ආවාම දරා ගන්න බැහැ. පෙම්වතාගේ වෙනස් වීම දරා ගන්න බැරිව දිවි නසාගත් වයිද්‍ය සිසුවිය මතකනේ. මේ කාටවත් අපහාසයකට නෙවෙයි. නමුත් දිළිඳු කම පලාතක වත් නැති පවුල් වලත් මේ සිදුවීම් වෙන්නේ, මනා පවුරුෂයක් සහිතව, ජීවිතයට මුහුණ දෙන්න දෙමව්පියන් කුඩා කල සිට දරුවන් පුරුදු නොකිරීම නිසා. (අ)

:       0       0

හේවාවිතාරණ Tuesday, 09 September 2014 07:04 PM

ආචාර්ය එඩ්වඩ් වෙතටය මේ ලංකාව පාච්චල් කරන්නේ නැතුව ඉන්නවා ඔහේ දන්නා දෙයක් නැහැ (ස)

:       0       0

හැරිසන් Monday, 08 September 2014 06:58 PM

මම නම් හිතාගෙන හිටියේ වැඩිම ප්‍රමාණයක් දිවිනසා ගන්නේ ඉන්දියාවේ කියලයි (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 10 September 2014 02:43 AM

තවලම ශබ්දය ඇසෙන විටම බල්ලන් බිරුවා කියා තවලම නතර නොවන්නා සේම ඉතිහාසය පුරාම "සත්‍යය" පිරිසිඳු දිය දහරක් සේ සමාජය අපවිත්‍ර කරන කසළ ද සෝදා ගෙන ඉදිරියටම ගලනවා. මේ තත්වය බල්ලන්ගේ වරදක් හෝ තවලම් කරුවන්ගේ වරදක් නොව මනුෂ්‍ය ස්වභාවය නිසා ඇතිවන කැළඹිල්ලක්. (ස)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 09 September 2014 02:19 AM

දිවි නසා ගැනීම් පිලිබඳ ලොව හොඳම විග්‍රහය ඉදිරිපත් කළ ප්‍රංශ සමාජ දාර්ශනික එමිල් දුර්ඛ්හයිම් ට අනුව දිවි නසා ගැනීමට තුඩු දෙන සාධක මෙසේ දැක්විය හැක. 1.සාම්ප්‍රදායික, 2. ආත්මර්හාකාමී 3, පරාර්ථකාමී 4. ධර්මතාවලින් තොරවීම (ඇනොමි). ජපානයේ හරාකිරි සාම්ප්‍රදායික ගණයේ ලා සැළකිය හැකි වන අතර, ආසියාවේ සුලභව දක්නට ලැබෙන යමක් නොලැබීයාම නිසා ඇතිවන ඉච්චා භංගත්වයෙන් කරගන්නා දිවි නසා ගැනීම් දෙවන වර්ගයට ඇතුලත් කළ හැකියි. අගහිකම් නිසා පන නසා ගන්න පිරිස වැටෙන්නේද එම ගණයට මය. 60 දශකයේදී දකුණු වියට්නාමයේ ඇමෙරිකානු ගැති ඒකාධිපති පාලනයට විරුද්ධව සිය සිරුරට ගිනි තබා ගත් ක්වාන් ඩක් හිමියන්ගේ ක්‍රියාව පරාර්ථකාමී දිවි නසා ගැනීම් ගණයට වැටේ. මුළු ලොව පුරාම විශේෂයෙන් දේශපාලන විෂමාචාර ඇති නොදියුණු/ අර්ධ දියුණු (ශ්‍රී ලංකාවත් ඇතුළුව) රටවල බොහෝ දෙනෙක් ජීවිතයෙන් සමු ගන්නේ තමා බලාපොරොත්තු වන ධර්මතා සමාජය තුල දක්නට දක්නට නොලැබීම නිසයි (නදී)

:       0       0

රොකී Tuesday, 09 September 2014 03:01 AM

ඔය ගොල්ලෝ ඔක්කොටම වගේ වැරදිලා කියලයි මට හිතෙන්නේ. අපේ මිනිස්සු වැඩි දෙනෙක් දිවි නසා ගන්නේ සංවර්ධනයේ ප්‍රීතිය දරා ගන්න බැරි තරමට තද වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වෙන්න බැරිද? (නදී)

:       0       0

නන්ද Wednesday, 10 September 2014 04:03 AM

ආශ්චර්යයට ළංවෙමින් පවතිනවා මලේ ..... (නි)

:       0       0

සුමිත් Tuesday, 09 September 2014 04:29 AM

අපට උවමනා බෞතික සංවර්දනයට වඩා මානසික සංවර්දනය බව මේකෙන් පේනවා. (නදී)

:       0       0

නිරාන් සෞදි Tuesday, 09 September 2014 04:40 AM

මේකනේ ළමයෝ අාස්චර්ය කියන්නේ (නදී)

:       0       0

මොහාන් වර්ණකුලසූරිය ප්‍රනාන්දු Tuesday, 09 September 2014 03:26 PM

තුන්වත් වුණානම් ලෝකඩ පදක්කම ගන්න තිබුණා. බලමු ලබන සැරේ පළමුවැනියා වෙලා රන් පදක්කම ගන්න. (ස)

:       0       0

ඉසුරන්දි Monday, 08 September 2014 01:34 PM

එහෙම බැලුවොත් අපේ අසල්වැසි රට වන ඉන්දියාවත් සියදිවි හානි කරගැනීමේ ප්‍රවනතාව වැඩි රජ්‍යක්නේ.(නදී)

:       0       0

චමින්ද Monday, 08 September 2014 01:34 PM

කොහොම හරි පලවෙනි තැන ගන්න බලමු. (නදී)

:       0       0

පෙරේරා Tuesday, 09 September 2014 08:51 AM

කමක් නැහැ ඊළඟ අවුරුද්දේ පළවෙනියා වෙන්න බලමු නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 65 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 60 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
2025 මැයි මස 14 160 1

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 910 0

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා
2025 මැයි මස 14 492 0

සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ


ලොව දුප්පත්ම ජනපති හොසේ මුජිකා සමුගනී
2025 මැයි මස 14 927 0

ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1338 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1566 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 407 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site