සියදිවි නසාගැනීමේ වැඩිම ප‍්‍රවණතාවක් ඇති රටවල් සම්බන්ධ 2014 වසර සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති වාර්තාවට ශී‍්‍ර ලංකාවද ඇතුළත්ව තිබේ.
එම රටවල් අතරින් සිව්වැනි ස්ථානය හිමිව ඇත්තේ ශී‍්‍රලංකාවට වන අතර පුද්ගලයින් ලක්ෂයක් සැළකුවහොත් ඉන් පුද්ගලයින් 29 දෙනෙකු පමණ සියදිවි නසාගන්නා වාතාවරණයක් ශී‍්‍ර ලංකාවේ තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.
පළමු ස්ථානය හිමිව තිබෙන්නේ ඝානාවට වන අතර එරට පුද්ගලයින් 10000 කට සියදිවි නසාගැනීම් 44 ක් පමණ සිදුවන බව සඳහන්ය.උතුරු හා දකුණු කොරියා දෙරට පිළිවෙලින් දෙවන හා තුන්වැනි ස්ථාන හිමිකරගෙන සිටී.
ලොව බොහෝ සියදිවි නසාගැනීමේ සිදුවීම් වාර්තා වන්නේ ආසියා කලාපයෙන් බව වාර්තාවේ විශේෂයෙන් පෙන්වා දී තිබෙන අතර ඒ සදහා ප‍්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ආර්ථික අපහසුතාය.
වස පානය කිරීම හා ගෙල වැළලාගැනීම සියදිවි නසාගැනීම සදහා වැඩියෙන්ම භාවිතා කෙරෙන ක‍්‍රමයන් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශ්චර්ය නිසානේ වෙන මොකුත් නෙමේ අනේ. (අ)
ඉදිරියටම යමු ජයවේවා (අ)
ලංකාවට 4 වැනි ස්ථනය නොදුන්නා නම් ඊට විරෝධය දැක්වීමක් ලෙසට මම ලෝක සෞඛ්‍ය සංවිධානය ඉසරහ ගිනි තියා ගන්නයි හිටියේ. (නදී)
මට හිතෙන්නේ සිය දිවි නසා ගැනීම් වලට අද කාලයේ ගෙදර පරිසරයත් බලපානවා කියලා. සමහර දරුවන්ට දරා ගැනීමේ ශක්තිය ඇති කර ගැනීමට මව්පියන් ඉඩ දෙන්නේ නැහැ. වැටීමක් සීරීමක් වගේ පොඩි දුකක් කරදරයක් වත් හිතේ හය්යෙන් ඉවසීමට ඉඩ දෙන්නේ නැහැ. ගෙදර වගකීම් දෙන්නේ නැහැ. හරි හම්බ කරගන්න මව් පියන් විඳින දුක පෙන්නන්නේ නැහැ. ඉතින් අර ළමයින් වැඩිහියන් වුනාම ප්‍රශ්නයක් එකපාරට ආවාම දරා ගන්න බැහැ. පෙම්වතාගේ වෙනස් වීම දරා ගන්න බැරිව දිවි නසාගත් වයිද්‍ය සිසුවිය මතකනේ. මේ කාටවත් අපහාසයකට නෙවෙයි. නමුත් දිළිඳු කම පලාතක වත් නැති පවුල් වලත් මේ සිදුවීම් වෙන්නේ, මනා පවුරුෂයක් සහිතව, ජීවිතයට මුහුණ දෙන්න දෙමව්පියන් කුඩා කල සිට දරුවන් පුරුදු නොකිරීම නිසා. (අ)
ආචාර්ය එඩ්වඩ් වෙතටය මේ ලංකාව පාච්චල් කරන්නේ නැතුව ඉන්නවා ඔහේ දන්නා දෙයක් නැහැ (ස)
මම නම් හිතාගෙන හිටියේ වැඩිම ප්‍රමාණයක් දිවිනසා ගන්නේ ඉන්දියාවේ කියලයි (නි)
තවලම ශබ්දය ඇසෙන විටම බල්ලන් බිරුවා කියා තවලම නතර නොවන්නා සේම ඉතිහාසය පුරාම "සත්‍යය" පිරිසිඳු දිය දහරක් සේ සමාජය අපවිත්‍ර කරන කසළ ද සෝදා ගෙන ඉදිරියටම ගලනවා. මේ තත්වය බල්ලන්ගේ වරදක් හෝ තවලම් කරුවන්ගේ වරදක් නොව මනුෂ්‍ය ස්වභාවය නිසා ඇතිවන කැළඹිල්ලක්. (ස)
දිවි නසා ගැනීම් පිලිබඳ ලොව හොඳම විග්‍රහය ඉදිරිපත් කළ ප්‍රංශ සමාජ දාර්ශනික එමිල් දුර්ඛ්හයිම් ට අනුව දිවි නසා ගැනීමට තුඩු දෙන සාධක මෙසේ දැක්විය හැක. 1.සාම්ප්‍රදායික, 2. ආත්මර්හාකාමී 3, පරාර්ථකාමී 4. ධර්මතාවලින් තොරවීම (ඇනොමි). ජපානයේ හරාකිරි සාම්ප්‍රදායික ගණයේ ලා සැළකිය හැකි වන අතර, ආසියාවේ සුලභව දක්නට ලැබෙන යමක් නොලැබීයාම නිසා ඇතිවන ඉච්චා භංගත්වයෙන් කරගන්නා දිවි නසා ගැනීම් දෙවන වර්ගයට ඇතුලත් කළ හැකියි. අගහිකම් නිසා පන නසා ගන්න පිරිස වැටෙන්නේද එම ගණයට මය. 60 දශකයේදී දකුණු වියට්නාමයේ ඇමෙරිකානු ගැති ඒකාධිපති පාලනයට විරුද්ධව සිය සිරුරට ගිනි තබා ගත් ක්වාන් ඩක් හිමියන්ගේ ක්‍රියාව පරාර්ථකාමී දිවි නසා ගැනීම් ගණයට වැටේ. මුළු ලොව පුරාම විශේෂයෙන් දේශපාලන විෂමාචාර ඇති නොදියුණු/ අර්ධ දියුණු (ශ්‍රී ලංකාවත් ඇතුළුව) රටවල බොහෝ දෙනෙක් ජීවිතයෙන් සමු ගන්නේ තමා බලාපොරොත්තු වන ධර්මතා සමාජය තුල දක්නට දක්නට නොලැබීම නිසයි (නදී)
ඔය ගොල්ලෝ ඔක්කොටම වගේ වැරදිලා කියලයි මට හිතෙන්නේ. අපේ මිනිස්සු වැඩි දෙනෙක් දිවි නසා ගන්නේ සංවර්ධනයේ ප්‍රීතිය දරා ගන්න බැරි තරමට තද වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වෙන්න බැරිද? (නදී)
ආශ්චර්යයට ළංවෙමින් පවතිනවා මලේ ..... (නි)
අපට උවමනා බෞතික සංවර්දනයට වඩා මානසික සංවර්දනය බව මේකෙන් පේනවා. (නදී)
මේකනේ ළමයෝ අාස්චර්ය කියන්නේ (නදී)
තුන්වත් වුණානම් ලෝකඩ පදක්කම ගන්න තිබුණා. බලමු ලබන සැරේ පළමුවැනියා වෙලා රන් පදක්කම ගන්න. (ස)
එහෙම බැලුවොත් අපේ අසල්වැසි රට වන ඉන්දියාවත් සියදිවි හානි කරගැනීමේ ප්‍රවනතාව වැඩි රජ්‍යක්නේ.(නදී)
කොහොම හරි පලවෙනි තැන ගන්න බලමු. (නදී)
කමක් නැහැ ඊළඟ අවුරුද්දේ පළවෙනියා වෙන්න බලමු නේද? (නදී)