
(අංජුල මහික වීරරත්න)
වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සහ ආයෝජන වල සුරක්ෂිතභාවය තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මෙරට ආයෝජන සඳහා ඇති අවස්ථා, ව්‍යාපාරික පරිසරය සහ නීතිමය තත්ත්ව පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමරිකා ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මේ වන විට ආයෝජන සඳහා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ඇති බවත්, ආයෝජන සම්බන්ධයෙන් පසුගිය රජයයන් යටතේ පැවැති අක්‍රමවත්භාවය වෙනස් කරමින්, වර්තමාන රජය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ, නව නීති සකස් කරමින් සිටින බවත් ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණක් වන බවත්, ඒ වෙනුවෙන් ආයෝජන ආරක්ෂාව තහවුරු කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ පහසුකම් සැපයීම රජය විසින් සිදු කරනු ලබන බවත්, ආයෝජන ආරක්ෂණ පනත ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
Crow Holdings සභාපති හාර්ලන් ක්‍රෝ (Harlan Crow), ඇමරිකා එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා සහ M&A ව්‍යාපාර ප්‍රධානී ක්‍රිෂ්ණා බාලම් (Krishna Balam), Hudson Institute සභාපති සාරා ස්ටර්න් (Sarah Stern), Eagle Capital Management නිර්මාතෘ සහ සම-ප්‍රධාන ආයෝජන නිලධාරී රැවෙනල් බී.කරි (Ravenel B. Curry), Billingsley සමාගමෙහි සම නිර්මාතෘ ලුසී බෙලින්ග්ස්ලි (Lucy Bellingsly), SMU Trustee හි ප්‍රජා නායක (Katherine Crow) සහ Hudson Institute සාමාජික වෝල්ටර් රසල් මෙඩ් (Walter Russell Mead) යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති සහෝදරයා ඔබතුමා තේරුම් ගත යුත්තේ ඔය කයිවාරු පූචානං සහ ඇස් ලොකු කර ඇඟිල්ල කුඩා කර සිදු කරන කතා මඟින් ලාංකීය ජහමනයා ඇන්දුවාට ලෝකෙ මිනිස්සු රවටන්න බැහැ කියලා. දැන් ඔබතුමා තමන්ගේ පිරිසිදු භාවය ගැන (එහෙම එකක් නැතත්) අවුරුද්දක් තිස්සේ කියෝ කියෝ ගිහිල්ලත් ආපු ආයෝජනයක් නැහැනේ. ඒක වෙනම වැඩක්. ඒ නිසා ඊට සුදුසු පුද්ගලයින් පත් කරලා, තමන් දන්නේ පලි ගැනීම සහ වෛරය පැතිරවීම පමණක් නොවෙයි කියලා ක්‍රියාවෙන් ඔප්පු කරන්න. අන්න එතකොට ආයෝජකයෝ මේ පැත්ත බලාවි. ඔබ හොරු හොරු කියලා ලේබල් අලෝපු මිනිස්සු මේ රටට සැලකිය යුතු ආයෝජන ගෙනැල්ලා තියෙනවානේ. සමහර ආයෝජන ආයෙත් හැරිලා ගියේ ඔබතුමා ප්‍රමුඛ ජවිපෙ වැඩවර්ජන කල්ලිය විසින් කඩාකප්පල් වැඩ කළ නිසානේ. යථාර්ථයට මූණ දෙන්න. ආයෝජකයෝ එන්නේ අපට ආදරේට නොවෙයි.. තමුන්ගේ ලාභය වැඩිකර ගන්න. ඒ අතරේ අපත් රටට යමක් ලබාගන්න සූක්‍ෂම වෙන්නයි අවශ්‍ය. ටිකක් කල්පනා කරලා බලලා, ඔබතුමාගේ හෝදන බලකායට සහ හුරේදාන භක්තිමතුන්ට විතරක් ගැලපෙන්න නොවෙයි රටට ගැලපෙන විදිහට හැසිරෙන්න....
අනේ මන්දා අනුර...?
මේ රජය බලයේ ඉන්නකම් විදේශීය ආයෝජකයන්ගේ දේපල ගිනිතියන විනාශ කරන එකක් නම් වෙන එකක් නෑ කියලා හිතෙනවා. ඒවා වුණේ ඉස්සර නේ. වර්ජනයක් වුණත් රටම නතර කරන්න හිතපු අය දැන් පාර්ලිමේන්තුවේ නිසා ලොකුවට යන එකක් නෑ. ඒ වුණත් පහුගිය අවුරුද්ද තුළ ඇඟලුම් කම්හල් කිහිපයක් වසාදැම්ම නිසා ආයෝජකයන් යම්කිසි බියක් ඇතිකර ගනි.
බිය වෙන්න එපා. අපි ආයෝජනවලට අත්සන් කරනවා විතරයි. පටන් ගන්න දෙන්නෙ නෑ. දක්කානේ සිනෝපැක්....