IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ ලේඛකාධිකාරී පත් කරයි

(අංජුල මහික වීරරත්න)

ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ Ceylon Medical College Council – (CMCC) නව ලේඛකාධිකාරී තනතුරට මහාචාර්ය ජෙනිෆර් පෙරේරා  මහත්මිය පත් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම පත් කිරීම කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී  ප්‍රදානය කෙරිණි.

වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන වලට යටත්ව මෙම පත්වීම සිදුකර ඇත.

ජෙනිෆර් පෙරේරා මහත්මිය දශක හතරකට අධික කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනුවෙන් අපිරිමිත සේවාවක් සිදුකළ මහාචාර්යවරියකි. 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනිය ලෙස කටයුතු කළ ඇය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ක්‍රියාකාරී  සාමාජිකාවක් ලෙස ද සේවය කර ඇත.

 



අදහස් (0)

ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ ලේඛකාධිකාරී පත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 270 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 585 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site