අද කාර්යාල දුම්රිය 23ක්  පමණ ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය කියයි.

බොහෝ දුම්රිය පැය බාගයේ සිට පැය එක හමාරක දක්වා ප්‍රමාද විය.

දුම්රිය රියැදුරන් පොතේ හැටියට දුම්රිය ධාවනය කිරීම මීට හේතුවයි.

පිට පිටම අනතුරු හතරක් සිදුවීමෙන් පසුව කිහිප දෙනකුගේ වැඩ තහනම් කිරීමත් සමග රියැදුරෝ මේ ක්‍රියා මාර්ගයට පිවිසී සිටිති.