
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ-ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය පනිල්කන්ද ප්රදේශයේදී ඊයේ (26) රාත්රී යතුරු පැදි දෙකක් සහ ත්රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් එක් අයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි.
මේ අනතුරින් මිය ගොස් ඇත්තේ කරන්දෙණිය නාමිනිගොඩ පදිංචි විකුම් ධනංජය බණ්ඩාර (23) තරුණයෙකි.ඔහු අනතුරට ලක්වූ එක් යතුරු පැදියක පැදිකරු බවද පොලීසිය කියයි.
ඇල්පිටිය දෙස සිට අම්බලන්ගොඩ දෙසට ගමන් ගත් යතුරු පැදියක් එම අන්තයටම ගමන්ගත් යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරු පැදියේ පිටුපස ගැටී ඉස්සර කිරීමට ගිය යතුරු පැදිය ඊට විරුද්ධ දෙසින් පැමිණි ත්රිරෝද රථයක ගැටී ඇති බවත් එම අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු මිය ගිය බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd