
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ චමිලා අල්විස් )
වැලිපැන්න අලුත්ගම මතුගම මාර්ගයේ 5 කණුව අසලදී කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තුන් හැවිරිදි දැරියක් මියගිය බව වැලි පැන්න පොලිසිය කියයි .
අනතුරින් මියගොස් ඇත්තේ මතුගම වැත්තෑව රෝහල පාර පදිංචිව සිටි ඒ මිනිසි නැමැති දැරියයි.දැරියගේ මව හා පියා ද අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මියගිය දැරිය හා මව හා පියා මතුගම සිට අලුත්ගම දෙසට යතුරු යතුරුපැදියෙන් යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථය පහේ කණුව අසලදී මුහුණද මූණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූවන් ධර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd