(දිලංගා ගෝමස්)
රන් ආලේපිය ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කතුන් දෙදෙනා ලබන 23 දක්වා රඳවා ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා මහත්මිය අද පොලිසියට අවසර දුන්නාය.
මෙලෙස රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියම වූයේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ එලිබෑන්ක් ටවර් වැල්ලවත්ත ලිපිනයේ පදිංචි වයස අවු 69 ක් පමණ වන විසාකා අයිරාංගනී කුමාරී වීරකෝන් හා ඇයගේ ලේලිය වන කසකස්ථාන ජාතික කාන්තාවක් වන ඇගිලිගුල්‍යා වීරකෝන් නැමැති කාන්තාවන් දෙදෙනාය.
වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක ටී 56 ගිනි අවියක් තිබී හමු වූ බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුක් මත පරික්ෂා කිරීමේ දී රත්තරන් පැහැති සහ නිකල් පැහැති T 56 වර්ගයේ ගිණි අවිය සොයා ගත් බව අධිකරණයේ දී කියැවිණි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රන් පැහැති ගිනි අවියට කතුන් දෙදෙනා රඳවා ගන්න අවසර
අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 06:57 PM
මෙයාලාගේ බබා පාර්ට් හරියන්නේ නැහැ... දෙක තුනක් ඇනලා හරි ඇත්ත දැන ගන්න ඕනෑ, මොකක් හරි ලොකු ගේමකට සෙට් වෙලාද දන්නේ නැහැනේ...
රුවන් Wednesday, 21 May 2025 08:23 PM
ලෙලි කසකස්ථානයේ කියන්නේ අනිවා ඉස්ලාම් ත්‍රස්තවාදී සම්බන්ධයක් තියෙනවා වෙන්න පුළුවන්...