(අංජුල මහික වීරරත්න)
රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය
මෙහිදී අධ්‍යාපන අංශය වෙනුවෙන් ඵලදායිතා තරගාවලිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය , රාජ්‍ය අංශය වෙනුවෙන් තරගාවලිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නිෂ්පාදන හා සේවා වෙනුවෙන් තරගාවලිය ආසියානු ඵලදායිතා සංවිධානයේ මහලේකම් ආචාර්ය ඉන්ද්‍ර ප්‍රදාන සිංහවිතාන මහතා විසින් ද ප්‍රකාශයට පත් පත් කෙරිණි.
"අපේ රට ආර්ථික වශයෙන් පහත වට්ටපු නිසා රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමටත් අපට සිද්ධ වුණා. ඒ නිසා උපාය මාර්ගික වශයෙන් ආයෝජන වැඩි කිරීමටත් තිරසර සංවර්ධනයක් සහතික කිරීමටත් තරගකාරීත්වය ඉහළ නැංවීමටත් ඵලදායීතාවය වැඩි කිරීම අත්‍යවශ්‍ය වෙනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
(ඡායාරූප සුමුදු හේවාපතිරණ)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
රටක් දියුණු වන්නේ මිනිසුන් දෙන නිෂ්පාදන දායකත්වයෙන්
සිල්වා Friday, 16 May 2025 10:50 AM
අගමැතිනිය බොහොම හොඳයි. වැඩ වර්ජන කර්මාන්ත ශාලා කඩාකප්පල් කිරීම් තුලින් රට විනාශ වන බව දැන් පැහැදිලියි නේද.
maalaka Friday, 16 May 2025 11:59 AM
දියුණු රටවල මිනිසුන් කාර්යක්ෂමව වැඩ කරනවා. පළමුව, ආයතන සංස්කෘතිය. දෙවැනිව, අවශ්‍ය සම්පත් ලබා දීම. තුන්වැනිව, විනයාගරුක හා නීතියානුකූල බව. සියල්ලම සමාජික හා පෞද්ගලික වගකීම් ඉටු කරනවා. ඒ නිසා, ප්‍රධාන වශයෙන්ම සේවකයෙකු තනි තැනක සිටින අයෙකුට ගරු කරමින්, තම වගකීම් ඉටු කළොත්, රට අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. එක අතකින් අත්පුඩි ගහන්න බෑ.
Sameera Friday, 16 May 2025 01:39 PM
අවුරුදු 60ක් ගියා මේක තෙරුම් ගන්න...
PGPTHILAK Friday, 16 May 2025 02:37 PM
හා..නේ ඇත්තද? අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ දේශපාලුවන්ට පන්දම් අල්ලලා පත්වීම් ගත්තු රජයේ සේවකයින් කියලා ඉන්න අයගේ පඩි දීමනා පුළුවන් තරම් වැඩිකරාම තමයි රට දියුණු වෙන්නේ කියලා...!!!