
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවැසීය
පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන් 30,000 ක් බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කළ බව කී අමාත්‍යවරයා එහි එක් පියවරක් ලෙස දීපව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවද සදහන් කළේය
මේ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරී සේවය ඇතුළු අත්‍යව්‍යශ්‍ය සේවා සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාවලිය එලෙස ආරම්භ කර ඇත.
කැබිනට් මණ්ඩලය විසින් පත්කර ලද අනුකමිටුවේ නිර්දේශ මත 226 දෙනඅකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහාද කටයුතු කරන බව අමාත්‍යවරයා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට තමයි මහින්දත් ආර්ථිකය ශක්තිමත් කලේ! එදා ජවිපෙ දැන් විපක්ෂය තරගෙට රජයේ සේවය ඡන්ද මංකොල්ල කමින් ආර්ථිකය විනාශ කිරීම දිගටම කරගෙන යනවා! 2028 දී රට නැවතත් බංකොළොත්! රනිල් වික්‍රමසිංහ නැවතත් ජනපති...!
අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් රජයේ සේවකයන් රටේ සිටිනවා. ජනතාවට තීරු බදු, ආදායම් බදු, වැට් බදු, කෙටියෙන් කියනවා නම් සහල් වලටත් 50% කට වැඩි බද්දක් ගහනවා. රාජ්‍ය ආදායමෙන් 70% වැඩි ප්‍රමාණයක් වියදම් වෙන්නේ රජයේ සේවකයින්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවන්න... කරන්න තත්වය මෙහෙම තිබෙන කොට, සිටින රාජ්‍ය සේවකයෝ ප්‍රති වියුහගත කරගෙන රාජ්‍ය සේවය ඉදිරියට ගෙන යන්නේ නැතිව තවත් 60000 බදවා ගත්තාම ප්‍රශ්නේ විසදෙනවාද? කරුණාකර අනවශ්‍ය විදිහට රජයේ සේවකයෝ වැඩි කරගන්නේ නැතිව සිටින කට්ටිය ප්‍රතිව්‍යුහගත කරගෙන ඒ ගොල්ලන්ට ඉල්ලක දීලා, වැටුපත් වැඩි කරලා ඔවුන්ගෙන් වැඩක් ගන්න. අලුතෙන් බදවා ගන්න සේවකයෝ රජයේ විශ්‍රාම වැටුපකට අනුයුක්ත කරගන්න එපා. EPF / ETF එකට ඇතුළත් කරගන්න... දැනට සිටින සේවකයින්ගේ විශ්‍රාම කාලය 62 දක්වා දීර්ඝ කරන්න... එහෙම නොකළොත් තව වසර 10-15 යනකොට මේ රට අනිවාර්යයෙන් බංකොලොත් වෙනවා... ජීවන වියදම අහස උසට යනවා. තරුණ පරම්පරාව ලංකාව අතහැර යාවි..., අන්තිමේ කුඩා ළමුන්, මහල්ලන් සහ රජයේ සේවකයින් පමණක් ලංකාවේ ඉතුරු වේවි...
ඉස්සර හිටි ආර්ථික විද්‍යාඥයෙක් කියුවා ආර්ථික අර්බුද කාලෙට රැකියා හිඟ වුණාම රජයෙන් රැකියා මවා මිනිසුන්ට රැකියා දිය යුතුයි කියලා. ඒ විද්‍යාඥයා කිව්වා බෝතල් තොගයක් දීලා මිනිසුන්ට වලක් කපා ඒ බෝතල් වලදමන්නත් ගොඩ ගෙන පසුදින නැවත වලදමන්නත් නියම කරන ලෙස. ඒ කාර්යය වෙනුවෙන් වැටුප් ගෙවන ලෙස. දැන් ආණ්ඩුවත් කරන්නේ ඒහා සමාන කාර්යයක්...
තවත් රටට බරක්... වැඩ නොකර පඩි ගන්න හොරු රැළ...