
(අංජුල මහික වීරරත්න)
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ සපයා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා රජයේ සියලුම රහස්‍ය හා අනෙකුත් සියලුම මුද්‍රණ අවශ්‍යතා නියමිත ගුණාත්මක තත්ත්වයෙන්, විවෘත වෙළෙඳ පොළ තරගකාරීත්වයට මුහුණ දෙමින් පූර්ණ රහස්‍ය භාවයෙන් හා වගකීමෙන් යුතුව සපුරාලීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. එහෙත්, නවීන තාක්ෂණයෙන් යුතු මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ ප්‍රමාණවත් පරිදි නොමැති වීම, යන්ත්‍ර ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් බිඳවැටීම් වලට ලක්වීම, ඉහළ නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවීම, ඉහළ ශ්‍රම භාවිතය වැනි අභියෝග වලට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට මුහුණ දීමට සිදුව ඇත. ඒ අනුව, නවීන තාක්ෂණික මුද්‍රණ යන්ත්‍ර හා ආශ්රිත උපකරණ මිලදී ගැනීම හා එම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම තුළින් මුද්‍රණ කටයුතු වල ධාරිතාව ඉහළ නැංවීම, ආරක්ෂිතව මුද්‍රණ කටයුතු සිදු කිරීමේ වාතාවරණයක් ගොඩ නැංවීම, රාජ්‍ය නොවන අංශ සමඟ තරගකාරීව මුද්‍රණ කටයුතු වල නිරත වීම යන අරමුණු සපුරා ගැනීම පිණිස සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එකී ව්‍යාපෘතිය 2026-2030 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
688
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අලුත් යන්ත්‍ර