ලැබුවාවූ නව වසරට සෙත් පතා දෙවොල් මඩු ශාන්තිකර්මයක් සහ කිරි ඉතිරීමේ මංගල්‍යයක් පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවටම ආවේනිකවූ මෙවැනි අපගේ පාරම්පරික චාරිත්‍ර ක්‍රමයක් යුරෝපා රටක පැවැත්වුන මුල්ම වතාව මෙය බව සංවිධායකයින් පවසති.
ලන්ඩන් නුවර පදිංචි ප්‍රවීණ නර්තන ශිල්පී යුවළක් වන ඒ.පී.අත්තනායක සහ රසිකා අත්තනායකගේ සංකල්පයක් අනුව අත්තනායක කලායතනයේ නර්තන ශිල්පීන් විසින් පවත්වන ලද මෙම ශාන්ති කර්මය නව වසරට දේවාශීර්වාදය ලබාගැනීම බලාපොරොත්තු විය.
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමි සහ නේපාලේ සුමන හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද එම ශාන්තිකර්මය සඳහා සහභාගීවුහ.
ඒ.පී.අත්තනායක, ඩී.අරුණශාන්ත, අරුණ පෙරේරා නුවන් ප්‍රනාන්දු, පණ්ඩුක වික්‍රමරත්න, දිනේෂ් ප්‍රියංකර, ෂශිප්‍රිය ආසිරි, චමිල් අනුරුද්ධ යන ප්‍රවීණ ශිල්පීන් සමඟ නර්තන ආයතනයේ ළමා ශිල්පීහු ද එම ශාන්තිකර්මය ඉදිරිපත්කිරීමට එක්වුහ.
ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වාදීමට පෙරාතුව සිටම කිරි ඉතිරීමේ ශාන්ති කර්මය සිංහල අලුත් අවුරුද්දට පසුව පවැතෙයි. විශේෂයෙන් දකුණු බද පළාත් හි ප්‍රචලිතව පවත්නා මෙම සම්ප්‍රදාය ඉදිරිපත් කිරීමේදී පහතරට මෙන්ම උඩරට නැටුම් අංගයන් යොදා ගනු ලැබීය.
සනීපාරක්ෂාව සහ සශ්‍රීකත්වය පතා පත්තිනි දේවිය ප්‍රමුඛ කොට පවත්වන මෙම පුජාව සඳහා සහභාගීවන නර්තන ශිල්පීන් සතියක් පුරාවට නිර්මාංශ අහාර ගැනීම වැදගත් සම්ප්‍රදායකි. එම පුජාවට සහභාගීවූ සියලුම දෙනාට කැවුම් සහ කිරිබතින් සංග්‍රහ කිරීමද මෙහිදී සිදුවිය.
පැමිණ සිටි සියලුම දෙනා පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව බුලත් පදය සහ කොතල පදය පවත්වනු ලැබීය. පුජා භුමියේ පාරිශුද්ධ භාවය උදෙසා කොතලයක පිරවූ කහ දියර පුවක් මල් කිනිත්තකින් ඉසිනු ලැබීය.
බිසෝ කප සහ කඩවර පුජා මෙන්ම ප්‍රකට කොහොඹා කංකාරියට අයත් නර්තන අංගයන්ද පවත්වනු ලැබීය. නව වසරට සුබ පතා කිරි ඉතිරීමද සුදු කරනු ලැබීය.
අවසානයේදී ඒ.පී.අත්තනායක විසින් මෙම ශාන්ති කර්මය පැවැත්වීම සඳහා විවිධ අයුරින් සහයවූ සියලුම දෙනාටම සිය කෘතඥතාවය පිරිනැමීය.
ඡායාරූප රේණුකා විමලරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි.. අහන්නත් සතුටුයි. සැමටම ජය! (නි)
අපිත් කලින් දන්නවා නම් එන්න තිබුනා. (නි)
කෙතරම් සුන්දරද? (නි)
ඉතා හොඳයි. (නි)
පසුගියදා ඉතාලියේ බුද්ධ බාර් නැමති අවන්හල වසා දමන ලෙස ඉතාලියේ වෙසෙන සිංහල-බෞද්ධයන් පිරිසක් විරෝධතාවයක් පැවැත්වූ බවට පුවතක් කියවීමෙන් පසු මට සිනාසීමට තැනක් සොයා ගැනීමට අපහසු විය. මගේ මිතුරා ඉහතින් කියූ ලෙසම එය එතරම්ම විකාරසහගතය. (නි)
පුෂ්ප කියනවා වගේ ඕවා හරියන්නේ ලංකාවට විතරයි. මොකද යුරෝපයේ යක්කු,පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ නැහැනේ එළවන්න. (නි)
හොඳයි (ස)
මෙච්චරයි අඩුව තිබුනේ යුරෝපයට . එකත් හරි . සෙත් සුව පතන්න , දෙස් දෙවොල් තබන්න තැනක් අපිට යුරෝපයේත් තියෙනවා . නැතිනම් ඕකට ලංකාවටම යන්න වෙනවනේ . (ස)
මේවට සුද්දෝ මොනවා කියයිද? (නි)
ඉතාලියේ රෝම නගරයේ 2013 වසරේ මෙවැනිම උත්සවයක් රෝමයේ ධර්මාශෝක විහාස්ථානයේ පැවැත්වූ බව සතුටින් දන්වා සිටිමි (නි)