IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යුරෝපයේ ප්‍රථම දෙවොල් මඩුව ලන්ඩනයේ

ලැබුවාවූ නව වසරට සෙත් පතා දෙවොල් මඩු ශාන්තිකර්මයක් සහ කිරි ඉතිරීමේ මංගල්‍යයක් පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවටම ආවේනිකවූ මෙවැනි අපගේ පාරම්පරික චාරිත්‍ර ක්‍රමයක් යුරෝපා රටක පැවැත්වුන මුල්ම වතාව මෙය බව සංවිධායකයින් පවසති.

ලන්ඩන් නුවර පදිංචි ප්‍රවීණ නර්තන ශිල්පී යුවළක් වන ඒ.පී.අත්තනායක සහ රසිකා අත්තනායකගේ සංකල්පයක් අනුව අත්තනායක කලායතනයේ නර්තන ශිල්පීන් විසින් පවත්වන ලද මෙම ශාන්ති කර්මය නව වසරට දේවාශීර්වාදය ලබාගැනීම බලාපොරොත්තු විය.

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති  බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති  අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමි සහ නේපාලේ සුමන හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද  එම ශාන්තිකර්මය සඳහා සහභාගීවුහ.

ඒ.පී.අත්තනායක, ඩී.අරුණශාන්ත, අරුණ පෙරේරා නුවන් ප්‍රනාන්දු, පණ්ඩුක වික්‍රමරත්න, දිනේෂ් ප්‍රියංකර, ෂශිප්‍රිය ආසිරි, චමිල් අනුරුද්ධ යන ප්‍රවීණ ශිල්පීන් සමඟ  නර්තන ආයතනයේ ළමා ශිල්පීහු ද  එම ශාන්තිකර්මය ඉදිරිපත්කිරීමට එක්වුහ.

ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වාදීමට පෙරාතුව සිටම කිරි ඉතිරීමේ ශාන්ති කර්මය සිංහල අලුත් අවුරුද්දට පසුව පවැතෙයි. විශේෂයෙන් දකුණු බද පළාත් හි  ප්‍රචලිතව පවත්නා මෙම සම්ප්‍රදාය ඉදිරිපත් කිරීමේදී පහතරට මෙන්ම උඩරට නැටුම් අංගයන් යොදා ගනු ලැබීය.

සනීපාරක්ෂාව සහ සශ්‍රීකත්වය පතා පත්තිනි දේවිය ප්‍රමුඛ කොට පවත්වන මෙම පුජාව සඳහා සහභාගීවන නර්තන ශිල්පීන් සතියක් පුරාවට නිර්මාංශ අහාර ගැනීම වැදගත් සම්ප්‍රදායකි. එම පුජාවට සහභාගීවූ සියලුම දෙනාට කැවුම් සහ කිරිබතින් සංග්‍රහ කිරීමද මෙහිදී සිදුවිය.

පැමිණ සිටි සියලුම දෙනා පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව බුලත් පදය සහ කොතල පදය පවත්වනු ලැබීය. පුජා භුමියේ පාරිශුද්ධ භාවය උදෙසා කොතලයක පිරවූ කහ දියර පුවක් මල් කිනිත්තකින් ඉසිනු ලැබීය.

බිසෝ කප සහ කඩවර පුජා මෙන්ම ප්‍රකට කොහොඹා කංකාරියට අයත් නර්තන අංගයන්ද පවත්වනු ලැබීය. නව වසරට සුබ පතා කිරි ඉතිරීමද සුදු කරනු ලැබීය.

අවසානයේදී ඒ.පී.අත්තනායක විසින් මෙම ශාන්ති කර්මය පැවැත්වීම සඳහා විවිධ අයුරින් සහයවූ සියලුම දෙනාටම සිය කෘතඥතාවය පිරිනැමීය.

ඡායාරූප රේණුකා විමලරත්න 

 

 



අදහස් (0)

යුරෝපයේ ප්‍රථම දෙවොල් මඩුව ලන්ඩනයේ

හේරත් Monday, 12 May 2014 01:28 AM

හරිම ලස්සනයි.. අහන්නත් සතුටුයි. සැමටම ජය! (නි)

:       0       0

කමිදු ලන්ඩන් Monday, 12 May 2014 02:07 AM

අපිත් කලින් දන්නවා නම් එන්න තිබුනා. (නි)

:       0       0

විදුර Monday, 12 May 2014 02:48 AM

කෙතරම් සුන්දරද? (නි)

:       0       0

බිහාර Monday, 12 May 2014 03:10 AM

ඉතා හොඳයි. (නි)

:       0       0

පහන්,‍ප්‍රංශය Monday, 12 May 2014 07:15 AM

පසුගියදා ඉතාලියේ බුද්ධ බාර් නැමති අවන්හල වසා දමන ලෙස ඉතාලියේ වෙසෙන සිංහල-බෞද්ධයන් පිරිසක් විරෝධතාවයක් පැවැත්වූ බවට පුවතක් කියවීමෙන් පසු මට සිනාසීමට තැනක් සොයා ගැනීමට අපහසු විය. මගේ මිතුරා ඉහතින් කියූ ලෙසම එය එතරම්ම විකාරසහගතය. (නි)

:       0       0

පද්මිණි Monday, 12 May 2014 11:46 AM

පුෂ්ප කියනවා වගේ ඕවා හරියන්නේ ලංකාවට විතරයි. මොකද යුරෝපයේ යක්කු,පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ නැහැනේ එළවන්න. (නි)

:       0       0

පෙරේරා Sunday, 11 May 2014 09:33 PM

හොඳයි (ස)

:       0       0

පුෂ්පසිරි පැරිස් Sunday, 11 May 2014 09:58 PM

මෙච්චරයි අඩුව තිබුනේ යුරෝපයට . එකත් හරි . සෙත් සුව පතන්න , දෙස් දෙවොල් තබන්න තැනක් අපිට යුරෝපයේත් තියෙනවා . නැතිනම් ඕකට ලංකාවටම යන්න වෙනවනේ . (ස)

:       0       0

විද්‍යා Sunday, 11 May 2014 11:56 PM

මේවට සුද්දෝ මොනවා කියයිද? (නි)

:       0       0

පුන්සර Monday, 12 May 2014 12:04 AM

ඉතාලියේ රෝම නගරයේ 2013 වසරේ මෙවැනිම උත්සවයක් රෝමයේ ධර්මාශෝක විහාස්ථානයේ පැවැත්වූ බව සතුටින් දන්වා සිටිමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site