IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යතුරුපැදි බස් අනතුරින් සිසුවා මරුට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම ජාතික පාසලේ සිසුවෙකු  යතුරුපැදියකින් යමින් සිටියදී බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටී අද  (22)   මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ පදිංචි බණ්ඩාරගම ජාතික පාසලේ ශිෂ්‍ය බට කෝප්‍රල් වරයකු හා නැටුම් කණ්ඩායමේ මෙන්ම විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රියාකාරී   මෙන්ම දීප්තිමත්  සිසුවෙකු ලෙස කටයුතු කළ විද්‍යාලයේ  12 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ලෝචන ලුක්ෂාන්   නමැති 17 හැවිරිදි සිසුවාය.

අනතුරින් මියගිය සිසුවා අද  (22)  මිතුරෙකු සමග යතුරුපැදි දෙකකින් මිතුරෙකු සමග බණ්ඩාරගම කොතලාවල උයන් වත්ත වැව මාර්ගයේ ගොස්  තිබූ බව මිතුරාගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

එසේ යන අතුරුදී මිය ගිය සිසුවා  තනි රෝදයෙන් යතුරුපැදියෙන් ගමන් කර ඇති බවට එම ප්‍රකාශයෙන්ද වැඩිදුරටත් අනාවරණය වී ඇත.

අනතුරුව නැවත බණ්ඩාරගම හොරණ ප්‍රධාන මාර්ගයට පැමිණීමේදී මිය ගිය සිසුවා වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති අතර එලෙස ධාවනය නොකරන ලෙස මිතුරා ඔහුට පවසා ඇති අතර එය ගණන් නොගත් මියගිය සිසුවා යතුරුපැදිය වේගයෙන් පැදවීමේදී ලිස්සා ගොස් පානදුර සිට හොරට ධාවනය වෙමින් තිබූ ලංකම බස් රථයේ පිටුපස පාපූරුවේ ගැටී අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලද සිසුවා. බණ්ඩාරගම දිසාරෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී හොරණ මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 



අදහස් (1)

යතුරුපැදි බස් අනතුරින් සිසුවා මරුට

Prabash Wednesday, 22 October 2025 02:23 PM

මෑතක ඉඳලා අවුරුදු 17න් තාවකාලික රියැදුරු බලපත් දීලා ළමයින්ව තනියම පාරට දාන එක ගැන තව ටිකක් හිතනවා නම් හොඳයි. මිය ගිය දරුවාට නිවන් සුව...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site