IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


මේ වසරේ අපේ අය 1619ක් කොරියා රැකියාවට යති

(අංජුල මහික වීරරත්න)

මේ වර්ෂයේ ගතවූ මාස පහකට ආසන්න කාලයේ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 1,619 දෙනකු පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 96 දෙනකු  ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර, මෙම කණ්ඩායමට තරුණියෝ  7 දෙනෙක්ද අයත් වෙති.

මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා හිමිවූ 910 වන කණ්ඩායමයි.

මෑත කාලීනව තරුණියන්ද දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති වී තිබෙන අතර, ඒ අනුව 2025 වර්ෂය තුළදී තරුණියන් 56 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 වීසා කාණ්ඩය යටතේ මෙම රැකියා අවස්ථා හිමිවන අතර, දකුණු කොරියාවේ නිශ්පාදන, ඉදිකිරීම්, ධීවර හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා මෙමගින් හිමිවේ.



අදහස් (0)

මේ වසරේ අපේ අය 1619ක් කොරියා රැකියාවට යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 400 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site