IMG-LOGO

මිලාන් ජයතිලකට ඇප

 

(රෝෂන් තුෂාර)

දොම්පේ ප්‍රාදේශීය සභා බල සීමාවේ සංවර්ධනය කර විකුණන ඉඩම් සඳහා නියමිත ක්‍රියාදාමයෙන් තොරව පිඹුරුපත් අනුමත කරදීමෙන් රජයට රුපියල් තුන් ලක්ෂයකට අධික මුදලක් පාඩු සිදු කළේ යැයි කියන  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් සජිත ජයතිලක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය.

අල්ලස් කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව  මෙසේ ඇප නියම කෙරිණි.

රුපියල් මිලියනයක ශරීර ඇපයක් සැකකරුට නියම කළ මහේස්ත්‍රාත්වරිය  සැකකරුවන්ට බලපෑම් කිරීම හෝ ඇප කොන්දේසි කඩකිරීමක් සිදු කර ඇති බවට අනාවරණය වුවහොත් ඇප අවලංගු කර රක්ෂිතය බන්ධනාගාර ගත කරන බවට ද නියෝග කළාය.

සැකකරු මෙම පාඩුව 2013 වසරේ සිදු කර ඇති අතර 2020 වසරේ සිදු කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කරන බව අල්ලස් කොමිසම  කරුණු ඉදිරිපත් කළේය.



අදහස් (0)

මිලාන් ජයතිලකට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 279 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 146 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1787 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site