IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට යම් රෙගුලාසියක් ඉදිරිපත් කළ යුත්තේ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා බවට සම්ප්‍රදායක් පැවතුණත් මාලිමා ආණ්ඩුව එය කඩා දමා තිබෙන බව  මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම්  මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සභාවේ සම්ප්‍රදායන් අප රැකිය යුතුයි. අද රෙගුලාසි ඉදිරිපත් කරන විට ඇමති හෝ නියෝජ්‍ය ඇමති එය ඉදිරිපත් කළ යුතුයි.දැන් මේවා ඉදිරිපත් කළේ පසු පෙළ මන්ත්‍රීවරයෙක්.එතුමා ඒක හොඳට කළා. ඒක වෙනම කාරණයක්. මේ වගේ දේවල් කලාම විපක්ෂයේ අපට ප්‍රශ්නයක්වත් ඉදිරිපත් කරන්න බැරි  වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දූෂණ වංචා ගැන විගණනය කිරීම් සම්බන්ධ නියාමන කීපයක් ඉදිරිපත් කර තිබෙනවා.මේ රජය ජනතාව දුන්න වරම ආරක්ෂා කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (2)

මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩනවා

Kamal Koyrala Thursday, 22 May 2025 03:43 PM

මේ යල් පැන ගිය සම්ප්‍රදායන් වෙනස් කළ යුතුයි. දැන් උගත් පාර්ලිමේන්තුවක් තියෙන්නේ හැමෝටම අදහස් දැක්වීමේ අයිතිය තියෙන්න යුතුයි. ඔවුන්ද මහජන නියෝජිතයෝ.

:       15       16

ලයන් Thursday, 22 May 2025 05:21 PM

සම්ප්‍රදාය රැකුනොත් ඇති , රට වලපල්ලට ගෙනිහිල්ලා රකින සම්ප්‍රදාය ජනතාවට වැඩක් නැහැ.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 438 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 218 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1934 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site