
(යොහාන් භාසුර)
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශයට පත්වූ කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය මෙම වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට පත්කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
මෙම වසර අවසන්වීමට පෙර මහනුවරට හෝ පේරාදේණියට දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත් එම ඉලකක්ය සාර්ථක කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ තාක්ෂණික සහය දෙන එම්.බී.ආර්.අයි. ආයතනය කටයුතු තරමින් සිටින බවත් ගුණසේන මහතා කීය.
නුවරඑළිය සිට අඹේවෙල සහ නානුඔය දක්වාත්, රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත් පස් ඉවත්කිරීම සහ නායගිය ස්ථාන ප්රතිසසංකරණය කිරීම එම්.බී.ආර්.අයි. සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ දායකත්වය මත ක්‍රියාත්මක වන බව ද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණ ඉන්දීය ආධාර යටතේ සකස් කර අවසන් කළ බවත් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයමේ මස 9 වැනිදා ආරම්භ වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd