IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මල් කැකුළක් පරකළ මාමා වසර 12ක් හිරේට

(රෝෂන් තුෂාර)

බයිසිකල් පැදීමට රැගෙන ගිය තුන් හැවිරිදි දැරියට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවන්ට වරදකරු කරු කළ 36 හැවිරිදි දැරියගේ මාමාට වසර 12 බරපතල වැඩ සහිත සිර දඬුවමක් හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (03) නියම කළේය.

දැනට වයස අවුරුදු 46 වන හෝකන්දර උපදිංචි එක්දරු පියකුට මෙම සිර දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් 25000ක දඩයක්ද නියම කළේය.

වයස අවුරුදු 3 නේදී  අපයෝජනයට ලක්ව දැනට 13 වීයැති අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් නියම කළ අතර එම දඩ හා වන්ඳි නොගෙවන්නේ නම් වසර එකහමාරක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් හිම විය හිමි විය යුතුබවටද නියෝග කෙරිණි.

පැමිණිල්ල සාධාරණ සැකයින් ඔබ්බට ඔප්පු කර ඇති බවට සඳහන් කරමින් මෙම  තීන්දුව නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට පෙර වැරදි නොමැති වුව ද මෙවන් බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් ලිහිල් දඬුවමක් පැනවුවහොත් සමාජය අධිකරණය දෙස වැරදි විදියට බැලිය හැකි බවද පෙන්වා දුන්නේය.

2010 ජූලි මස 09 දිනි දින හෝකන්දර දී වයස අවුරුදු 16ට අඩු දැරියට ලිංගික අපයෝජනයක් සිදු කිරීමට එරෙහිව මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනුකොට තිබිණ.

1995 අංක 22, 1998 අංක 29 සහ 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත මඟින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) 2 (ආ) වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු බරපතල ලිංගික අපයෝජනය වරදක් සිදු කර ඇති බවට පැමිණිල්ලේ සාක්ශි මත සධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට  තීන්දු කළ  විනිසුරුවරයා මෙම දඬුවම් නියම කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජේෂ්ඨ නීතිඥ  ශයිනි වීරසූරිය මහත්මිය පෙනී සිටියාය.



අදහස් (0)

මල් කැකුළක් පරකළ මාමා වසර 12ක් හිරේට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site