IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාර්ග හදන්න ගත් කෝටි 31000ක් හිරවෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග ඉදිකිරීම සඳහා දේශීය බැංකුවලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 31000ක පමණ  අධික ණය මුදල් ප්‍රමාණය ගෙවීම ලොකු අර්බුදයක්  බවට පත්ව ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් එම ණය මුදල් ගෙවීමට  අයවැයෙන් වෙන් කර ඇති රුපියල් කෝටි 3600 ගැනීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය  ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.

මෙම පරිපූරක ඇස්තමේන්තුව  එම කාරක සභාවේදී  සලකා බැලීමෙන් පසුව  අනුමත  කෙරිණ

මේ අතර ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් හා දේශීයව දැනට  ලබාගෙන ඇති ණය  ප්‍රමාණ පිළිබඳව මුදල්  කාරක සභාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන්ගෙන් විමසා සිටියේය.   විදේශ ණය ඩොලර් කෝටි 3700  ක්ද  රුපියල්වලින් ගත්  ණය කෝටි 19 ලක්ෂයක්ද  ගෙවීමට  පවතින බව  එම නිලධාරීහු  පෙන්වා දුන්හ.

මෙහිදී  මේ වසරේ ගෙවීමට ඇති ණය වාරික ප්‍රමාණය පිළිබඳව කාරක සභාභාපතිවරයා  නිලධාරීන්ගෙන් විමසා සිටි නමුත් අදාළ  සංඛ්‍යා දත්ත ඔවුන් සතුව ඒ මොහොතේ නොතිබීම පිළිබඳව සභාපතිවරයා නොසතුට පළකළේය.

ණය  ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වනවිට සම්පුර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හරහා  සිදුවීම හේතුවෙන් ඒ සඳහා නිපුණතාවෙන් යුතු නිලධාරීන් බඳවාගැනීමේ වැදගත්කමද  මෙහිදී  කාරක සභා සභාපතිවරයා සිහිපත් කළේය.

මේ රැස්වීමට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන රවී කරුණානායක, සුනිල් රාජපක්‍ෂ,  නිශාන්ත ජයවීර යන මහත්වරුද   සහභාගි වූහ.



අදහස් (0)

මාර්ග හදන්න ගත් කෝටි 31000ක් හිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site