
(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ සහ රංජිත් රාජපක්ෂ)
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ මංගල උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් අද (23) ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපත්තූර් පරිශ්‍රයේදී දී පැවැත්වෙයි.
සම්භාවනීය අමුත්තන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් විවාහ උත්සවය පැවැත්වෙන අතර, ජීවන් තොණ්ඩමන් මහතාගේ අත ගත් මනමාලිය වුයේ තමිල්නාඩුවේ තිරුපත්තූර් ප්‍රදේශයේ පදිංචි සීතෙයි ශ්‍රී නාච්චියාර් මෙනෙවියයි.
මෙම විවාහ උත්සවය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන්, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩි රාමේෂ්වරන් යන මහත්ම මහත්මීන්, ලංකා කම්කරු කොංග්‍රසයේ ඉහළ පෙළේ සාමාජිකයන්, ඉන්දියාවේ දේශපාලඥයන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තක්කඩින්ට ගෑනු දෙන්න දැන් ලංකාවේ දෙමව්පියන් මෝඩ නෑ. ඉස්සරහට හිර ගන්න ඉන්දියාවෙන්වත් බැරි වේවි.
තනි නහරයෙන් ජීවත් වෙන මෙතුමා හරිම ආඩම්බරයක් අපිට නම්. බලන්න ඉන්දියාවෙත් ගිහිං මේ වෙඩින් එකකට. අන්න එකට අල්ලපු ගෙදර කමල් මල්ලි. අමු කම්මැලිය. එකගෙ නහර දෙකයි බ්ලොක් හැබැයි ටොයිලට් එකට යන්නත් රෝද පුටුව. රනිල් මහත්තයගෙන් ආදර්ශයක් අරගෙන හැදෙයිද මුං.