(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
ඖෂධ මිල තවත් අඩු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ඖෂධ වර්ග 350ක මිල අඩු කළ බවත් ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු එහි නිලධාරි කණ්ඩායම ඒ සඳහා ලොකු කැපවීමක් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ ගෞරවය හිමි විය යුතු බවද අමාත්‍යවරයා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදයේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය බාල බෙහෙත් වෙනුවට usa/europe කොලිටි බෙහෙත් අවශ්‍යයි.
ෆාමසිවල කියන විදිහට ප්‍රයිස් එක අඩුකරනවාද කියලා හොදට හොයලා බලන්න. නැතිනම් රජය මොන දේ කළත් වැඩක් නෑ.