ගුණාත්මක තත්ත්වයේ බෙහෙත් තිබුණා නම් මවකගේ ජීවිතය බේරාගත හැකිව තිබිණැයි ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය අනුර එස්.එස්. රුවන් පතිරණ කොළඹ නාගරික මරණ පරීක්ෂක එඞ්වඞ් අහංගම මහතා ඉදිරියේ සාක්කි දෙමින් පැවැසීය. කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී සිසේරියන් සැත්කමකින් දරුවකු බිහිකළ නිට්ටඹුව හොරගොල්ලේ ආර්. මධුශානි නිසංසලා (27) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් මේ පරීක්ෂණය පැවැත්විණි. උදරයේ ශ්‍රෝණියේ ආසාදනය හා පැසැවීමෙන් බහුවිධ අවයව අක‍්‍රිය වී මරණය සිදුවී යැයි කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි දොස්තර සී.ජේ. රාජගුරු කීවේය. ”බාල බෙහෙත් නිසා රෝගියාට ප‍්‍රතිකාර කරන්න බැරිවුණා. හොඳ ප‍්‍රතිජීවක බෙහෙත් තිබුණා නම් රෝගියාගේ ජීවිතය බේරා ගන්න තිබුණා” යැයි දොස්තර රුවන් පතිරණ කීවේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුව ඇමති තුමනි මේ කියන කතාව ඇත්තක්ද........එහෙනම් අසරන ලෙඩ්ඩුන්ට වෙන්නෙ මොකක්ද........අපි කල යුත්තෙ කුමක්ද........?
කට ඇරල කියන හැටි බාල බෙහෙත් කියල..බාල බෙහෙත් ගෙන්නන්න අවසර දුන්නේ කව්ද? ඇයි බාල බෙහෙත් රොහල් වල තියාගන්නේ?ඇයි ඒවා පාවිච්චි කරන්නේ?දැන් මේ ජීවිතයට කව්ද වන්දි ගෙවන්නේ? දොස්තරලත් දැන් ඉන්නේ නිකං....වචනයක් තියෙනව කියන්න.නැහැ එපා. කිව්වයි කියල හිතාගන්න...
මොනවද දොස්තර මහත්තයො මේ කියන්නේ? ලෙඩා මැරුනම බාල බෙහෙත් කියලා හරි යනවද?
බාල බෙහෙත් ගෙන්නන්නේ දොස්තර මහත්තුරු නෙවෙයි.
බාල බෙහෙත් කියල කියන්නෙ මලාට පස්සෙද? ඇයි ඉස්සෙල්ල කියන්න බැරි? ඒ අයට කිව්වනම් පිටින් හරි ගෙනත් නොදී ඉන්නෙ නැහැනේ.
සෞඛ්‍ය ඇමැතිතුමනි මෙහෙමද වැඩ කරන්නේ?
මේ නැති වුණේ මගේ අක්කා. එයා නැතිවෙලා දැන් මාස 7කටත් ළගයි. දැනුයි මේ මිනිස්සු කියන්නේ මගෙ අක්කාට බාල බෙහෙත් දීලා කියලා. දැන් කිව්වා කියලා මට නැතිවෙච්ච අක්කා ආයෙ ලැබෙනවද? අක්ක නැති පාඩුව පුරවන්න පුළුවන්ද?
මීඨ කලිනුත් මෙහෙ මෙහෙම දේවල් වුණා. මෙනින් ජයිටීස් වලින් මැරුණෙත් මෙහෙදි..
බාල බෙහෙත්වලින් කොහොමද මිනිහෙක් මැරෙන්නේ. ඇත්තම හේතුව නම් දොස්තරලගේ නොසැලකිල්ල. ඒගොල්ලන්ගේ වැරැද්ද වහගන්න තමය මේවා කියන්නේ.