(මනෝප්‍රිය ගුණසේකර)
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරිවරයකු ලවා පරීක්ෂා කර ඔහුට ඇති රෝගී තත්ත්වයන් පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අද (14) නියම කළේය.
රෝගී තත්වයන් කිහිපයකින් පෙළෙන තමාට නිසි ප්‍රතිකාර නොලැබෙන බවත් තමාට ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව මිස වෛද්‍ය නිර්දේශ අනුව නොවන බව විත්ති කුඩුවේ සිට පවසමින් ‘හරක් කටා‘ නමැත්තා කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතතුරුව "වේදනාව දැනෙන්නේ රෝගී තත්ත්වයෙන් සිටින පුද්ගලයාට පමණක්” බව සඳහන් කරමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරීන්ට පහරදී කුමන්ත්‍රණකාරීව පළා යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදී එලෙස නියම කළ විනිසුරුවරයා නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
2023 සැප්තැම්බර් 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී ආරක්ෂාවට යොදවා සිටි පොලිස් පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරියකුට පහර දී පලා යෑමට කුමන්ත්‍රණය කීරීම, ඒ අනුව පළා යෑමට තැත් කිරීම සහ ඊට අධාර අනුබල දීම ඇතුළු චෝදනා 22 යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු පොලිස් කොස්තාපත්වරයකු වන රවිඳු සංදීප සහ හරක් කටා රහස් පොලිසියෙන් පිටතට පැනගත් විට ඔහු රැගෙන යෑමට සුදානමින් සිටි වාහනයේ රියදුරු බව කියන හිටපු පොලිස් කොස්තාපත්වරයකු වන දිනේෂ් තරංග නමැත්තන්ය.
හරක් කටා නමැත්තාට බන්ධනාගාරයෙන් පැන යෑමට උදව් කර මේ වන විට අතුරුදන්ව ඇතැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වු රවිදු සංදීප නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් විනිසුරුවරයා වරෙන්තු නිකුත් කර ඇත.
නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක කටා නමැත්තා පොලිස් විශේෂ කාර්්‍ය බළකායේ විශේෂ ආරක්‍ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර ‘හරක් කටා’ නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර ගණනාවක් තම සේවාදායකයා රැඳවුම් භාරයේ පසුවන හෙයින් ඉදිරි දිනයේදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමට අපේක්‍ෂා කරන්නේ යැයි කීය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා නඩුව ලබන 28 වැනිදා කැඳවීමටද නියම කළේය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි
fairoos Wednesday, 14 May 2025 06:49 PM
මෙවැනි අපරාද කරුවන්ටත් නීතීඥ මහත්වරු ඉන්නවානේ...