(ගයාන් සූරිය ආරච්චි)
කොළඹ ප්‍රදේශයට ඊයේ (29) රාත්‍රී ඇද හැළුණු අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් බම්බලපිටිය අපරාධ විමර්ශන කාර්යාලයේ වහලය ගලවාගෙන ගොස් ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.
බම්බලපිටිය පොලිස් ස්ථානයේ තිස්ස භට නිවාසය, ගැමුණු භට නිවාසය හා රථවාහන නිලධාරීන්ගේ භට නිවාසයේ වහලයේ සීට් ගැලවී හානි සිදුවි ඇති බව ද පොලිසිය කියයි.
බම්බලපිටිය පොලිස් ස්ථානයේ රථවාහන ගාල් කරන ස්ථානය අසල තිබූ තේක්ක ගසක අත්තක් ද පොලිස් ස්ථානයට ප්රවිශ්ඨ වන මාර්ගයට කඩා වැටී තිබූ අතර මේවන විට එය ඉවත් කර ඇති බව ද පොලිසිය කියයි.
අපරාධ විමර්ශන අංශයේ වහලය ගලවාගෙන යාම හේතුවෙන් ලිපි ලේඛන කිසිවකට හානි සිදුව නොමැති බවත් පොලිසිය පවසයි.
කෙසේ වෙතත් හානි සිදුවූ ස්ථාන යථා තත්ත්වයට පත් කිරීම සදහා නිලධාරීහු කඩිනමින් කටයුතු කළහ.
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
බම්බලපිටිය පොලිසියේ වහලත් හුළගෙ යයි