
(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ තුළ දී මෙතෙක් අත් අඩංගුවට ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගය වූ කුෂ් කිලෝ 50ක් අද අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
රුපියල් කෝටි පනහක් පමණ වීදි වටිනාකමක් ඇති " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් අද උදෑසන ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ රැගෙන පලා යාමට තැත් කළ විදේශිකයන් තිදෙනකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.
සැකකරුවන් ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගයෙකි .
තරුණයා මුම්බායි නුවර දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක සේවය කරන්නෙකි . කාන්තාවන් දෙදෙනා 25 හැවිරිදි සහ 31 හැවිරිදි වියේ පසුවන මුම්බායි නුවර සේවය කරන පාසල් ගුරුවරියන් දෙදෙනෙකි .
මොවුන් අතරින් එක් ගුරුවරියක සමග මෙහි පිරිමි පුද්ගලයා විවාහ වී සිටින අතර අනෙක් ගුරුවරිය ඔහුගේ නැගණියයි.
ඔවුන් වෙත බැංකොක් සවාරියක් දෙන බවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොරොන්දු වී , මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇති බව රේගු නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd