IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

(අංජුල මහික වීරරත්න)

2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

ධම්මරතන හිමි මෙම අදහස් පළ කළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ අද (21)දී පැවති සාකච්ඡාවේදීය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

2023 වසරේ සිට නවතා දමා තිබුණු රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම නැවත ආරම්භ කර මතු පරම්පරාව වෙනුවෙන් සුරක්ෂා කිරීම රජය සතු වගකීමක් බවද ධම්මරතන හිමියෝ මෙහිදී සඳහන් කළහ.

"අනුබුදු දහමින් ලොවම නිවේවා" යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි. රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි 1 වැනි දා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

පොසොන් සතිය ජූනි 7 වැනි දා සිට ජූනි 13 දක්වා පැවැත්වේ.



අදහස් (3)

පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 06:59 PM

පන්සලට දානය ලැබෙනවයි අපේ හාමුදුරුවනේ...?

:       1       4

මහසෙන් Wednesday, 21 May 2025 08:10 PM

අහන්න තියෙන්නේ " ඔබට සතුටුයි ද දැන්" කියලා තමයි

:       1       0

රුවන් Wednesday, 21 May 2025 08:24 PM

අර සජියට කඩේ යන ලොකු හාමුදුරුවෝ දැක්කාද දන්නේ නෑ මේක....?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 400 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site